රවී සුහද කොකා පෙන්නනවා

December 11, 2015

රවී කරුණානායක අමාත්‍යවරයා සුහද කොකා පෙන්වමින් සිටින බවත්, ලංකාවට ඇඩ්‍රස් නැති බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

තත්ත්වය වටහාගෙන ඇති ජනතාව මේවන විට පාරට බසිමින් සිටින බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එළඹෙන ජනවාරි මාසයේ සිට මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතුවෙන් ජනතාවට දැඩි පීඩාකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකළ බව කීවද තාමත් එකී වාසිය ජනතාවට ලැබී නැති බවත්, දින 20 න් භාණ්ඩවල මිල වැඩි කළ විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්වීමට නියමිත බවත් ගුණවර්ධන මහතා අනාවරණය කළේය.

2016 වසරේ සිට විශ්‍රාම වැටුප අහිමි කර ඇති බැවින් රාජ්‍ය සේවයට එක්වීමට තරුණ තරුණියන් කැමැත්තක් නොදක්වන බවත්, අනාගතයේදී එය බරපතළ ගැටළු නිර්මාණය කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල්-ඩීසල් සඳහාද මිල සූත්‍රයක් හඳුන්වාදීමට නියමිත බව ඔහු කියා සිටියේය.

ජාවාරම්කරුවන්ට, ගජ මිතුරන්ට, විදේශ ආයෝජකයින්‍ට හිතුමනාපෙට රටේ සම්පත් බෙදාදීමේ වැඩිපළිවෙළක් මේවන විට ක්‍රියාත්මකව ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p