බබෙක් වෙන්න එපා වෙල්ගම හා නිමල් ගැටෙති

December 10, 2015

ලංගම සේවකයින්ගේ අර්ථසාධක අරමුදල නොගෙවීමේ කාරණය පිළිබඳව හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම සහ වත්මන් ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පාර්ලිමේන්තුවේදී ඊයේ (09) මත ගැටුමක් ඇතිවිය.
වෙල්ගම ඇමැතිවරයාගේ සමයේ ලංගම සේවකයින්ට සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවීම

හා ගෙවීමට කිසිදු පියවරක් නොගැනීම පිළිබඳව නිමල් සිරිපාල ද සිල්වා මහතා චෝදනා කළේය. එහිදී වෙල්ගම මන්ත්‍රීවරයා නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාට චෝදනා කිරීමත් සමග මේ වාග් සංග්‍රාමය ඇතිවිය.
“නිකන් බබෙක් වගේ කතා කරන්න එපා” කුමාර වෙල්ගම මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතාට චෝදනා කළේය. ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා “ඔබතුමානේ බබා වගේ කතා කරන්නේ. ඇමැති කා‍ලේ මොනවද ඔබතුමා මේ වෙනුවෙන් කෙරුවේ” යැයි කීවේය.
“මම ගෙනාපු බස් ටික තමයි ලංගමයේ අදත් දුවන්නේ. තමුන්නාන්සේ දන්න දෙයක් නැහැ” වෙල්ගම මන්ත්‍රීවරයා දැඩි ස්වරයෙන් ප්‍රකාශ කළේය.
“ඔව් ඔව් ඔබතුමා සියල්ල දන්නේ. ඔබතුමා සියල්ල දත්. අපි නොදත්” නිමල් සිරිපාල ඇමැතිවරයා පැවැසීය. කොහොම වුණත් ඔබතුමාට ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. එකවත් ගෙවාගන්න බැරිවුණානේ. ඒ පව්වලටත් කරගහන්න වෙලා තියෙන්නේ මට” යැයි කීවේය. “ඔබතුමාට කරගන්න බැරිවුණ දේවල් අපි කරලා පෙන්නන්නම්කෝ” යනුවෙන් කීය. ඉන්පසු ඇමැතිවරයා දුම්රිය හා සිවිල් ගුවන්සේවා අංශ ගැන කතා කිරීමට වීම නිසා එම වාදය අවසන් විය.
අය වැය විවාදයේ ඉහත අමාත්‍යංශ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුරදී මෙම වාග් සංග්‍රාමය ඇතිවිය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p