සිකුරාදාට උතුරු-නැගෙනහිර හර්තාල්

November 11, 2015

ලබන සිකුරාදා දිනයේ උතුරු – නැගෙනහිර පළාත්හි සියලු වෙළඳසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කිරීමට නියමිත බැව් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසයි.
හෙතෙම කියා සිටියේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදස් කරන ලෙසට රජයට බලපෑම් කිරීම උදෙසා උතුරු නැගෙනහිර සියලුම වෙළඳසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය සුදානම් කොට ඇති බවයි.

මෙම දෙමළ දේශපාලන සිරකරුවන් බන්ධනාගාරගතව උපවාසයක් ආරමිභ කළ අවස්ථාවේදී පාලකයින් කියා සිටියේ දෙමළ දේශපාලන සිරකරුවන් දීපවාලි දිනයට පෙර නිදහස් කිරීමට කටයුතු කරන බව යැයි හෙතෙම සඳහන් කළේය.

රජය ලබාදුන් අදාළ පොරොන්දුව ඉෂ්ට නොකිරීමට විරුද්ධව හර්තාල් ව්‍යාපාරය පැවැත්වීමට නියමිත අතර උතුරු නැගෙනහිර පළාත් වෙළඳ සංගම්, ති‍්‍රරෝද රථ සංගම්, සියල්ල හර්තාල් ව්‍යාපාරය වෙනුවෙන් සහයෝගය පළ කිරීමට කැමැත්ත පළකොට ඇති බැව්ද අඩෙක්කලනාදන් මහතා පැවසූවේය.

රජය දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට ලබාදුන් පොරොන්දුව කඩ කරන්නේ නම් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තුළ රජය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටෙනු ඇති බැව්ද මන්තී‍්‍රවරයා අද (11) වැඩිදුරටත් සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p