ගරු මාදුළුවාවේ සෝභිත හිමියන්ට නිවන් සුව පතමු

November 11, 2015

ගෞරවනීය මාදුළුවාවේ සෝභිත නායක හිමියන් අපවත් වී වදාළ බව සැළවීම නිසා සංවේගයයට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාව සමග ජනතා සේවක පක්ෂයද එක්වෙයි. 

මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ 1980 දශකයේදී ශ්‍රී ලංකාවේ, පාලකයන් විසින් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමටත්, බෙදුම්වාදය පෝෂණය කළ ඉන්දියාව හා බටහිර අධිරාජ්‍යවාදය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කිරීමටත් එරෙහිව පෙරමුණ ගත් හිමි නමකි. ඒ කාර්යභාරය ඉටු කිරීමේදී සෝභිත ස්වාමින් වහන්සේට ජීවිත තර්ජන පැවති බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

කෙසේ වෙතත් පසුකාලීනව මාදුළුවාවේ සෝභිත හිමියන් අධිරාජ්‍ය ගැති රාජ්‍ය නොවන සංවිධාන විසින් නොමඟ යවන ලද්දේ යයිද සමාජයේ කතා බහට ලක්විය.

ගරු මාදුළුවාවේ සෝභිත හිමියන්ට නිවන් සුව පතමු!

ජනතා සේවක පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන්,

සෝමවංශ අමරසිංහ
ලේකම්
ජනතා සේවක පක්ෂය
2015 නොවැම්බර් 08 වන දින

12190021_545629245590695_4752877807238129223_n

Sammy

Previous story Next story

Leave a comment

t

o

p