හෘද සැත්කම් සියල්ල ඇන හිටින ලකුණු!

November 10, 2015

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් හෘද පෙණහලු නිවේෂකවරුවන් වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇත.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ, කරාපිටිය හා නුවර රෝහල්වල කරන හදවත් සැත්කම් සියල්ල ඇන හිටින බව රජයේ හෘද පෙණහලු නිවේෂක සංගමය අනතුරු අඟවා සිටියි.හෘද සැත්කම් සිදු කරනුයේ මෙම රෝහල් තුනෙහි පමණක් වන අතර දිනකට සැත්කම් දොළහක් පමණ මෙම රෝහල් තුළ සිදු කරනු ලබයි.

තම වෘත්තීය ඉල්ලීම් කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත් වීම සඳහා සෞඛ්‍ය ‍ලේකම්වරයාගෙන් නොවැම්බර් 28 වෙනිදා ලිඛිත ඉල්ලීමක් කර ඇතත් එයට කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් ලැබි නොමැති බව රජයේ හෘද පෙණහලු නිවේෂක සංගමයේ ‍ලේකම් තිලක් ධර්මරත්න මහතා පවසයි.

මේ මස 11 වෙනි දිනට පෙර සාකච්ඡාවක් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීරණ වන බවද හෙතෙම පැවැසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p