නාවික සෙබළා පෙම්වතියට 14වරක් වෙඩිතබා තමාටත් වෙඩිතියා ගනියි

November 11, 2015

මාතර – වැවහමන්¥ව ප‍්‍රදේශයේ දී නාවික හමුදා සෙබළෙකු සිය පෙම්වතියට වෙඩි තබා ඔහු ද වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

මාතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කළ 26 හැවැරිදි තරුණියකට ටී. 56 ගිනි අවියකින් මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බව මාතර පොලීසිය පවසයි.තරුණියට වෙඩි උණ්ඩ 14ක් වැදී ඇති අතර ඇය ඝාතනය කිරීමෙන් පසු නාවික හමුදා සෙබළා ද සිය හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

මිය ගිය සෙබලා සිය රාජකාරී ගිනි අවියෙන් අදාළ අපරාධ සිදුකර ඇති අතර එය පේ‍්‍රම සබඳතාවක් මත සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත.

ඊයේ (10දා* රාත‍්‍රියේ දී මෙම වෙඩි තැබීම සිදු ව තිබෙන අතර පේ‍්‍රම සම්බන්ධයක් අතර මග නවතා තැබීම ඝාතනයට හේතුව බව වාර්තා වේ. තංගල්ල නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටි සෙබලා රාජකාරී ඇඳුම් පිටින්ම පැමිණ මෙම අපරාධය සිදු කර තිබේ.

ඝාතනය සඳහා යොදා ගත් ටී – 56 ගිනි අවිය සහ උණ්ඩ 43ක් සහිත මැගසීනය ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

a (3)

Sammy

Previous story Next story

Leave a comment

t

o

p