සෞඛ්‍යයට හා අධ්‍යාපනයට අය වැයෙන් මුදල් වැඩි කරනවා

October 12, 2015

නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල ලබන අය වැයෙන් තවදුරටත් ඉහළ නංවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පැවසුවේ මේ වන විට ද නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් රජය වැඩි මුදලක් වෙන් කර ඇති අතර රටේ ජනතාවට හොඳ සෞඛ්‍ය සේවාවක් මෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම නව රජයේ අරමුණ වී ඇති බවයි.

අද පෙරවරුවේ මීගමුව මහ රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p