ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ලෝක බැංකු සහ IMF සහය

October 12, 2015

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට පූර්ණ සහය පළ කරන බව ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ප්‍රකාශ කරති.

පේරු රාජ්‍යයේ ලීමා අගනුවර ආරම්භ වූ ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට පෙර එම ආයතන ප්‍රධානීන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පැවැති මූලික වටයේ සාකච්ඡාවල දී මෙම තොරතුරු අනාවරණ විය.

ශ්‍රී ලංකාව සඳහා ලබා දෙන මූල්‍ය ආධාර ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ද ලෝක බැංකු නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

ලෝක බැංකුව දැනට වාර්ෂිකව ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලබා දෙන මූල්‍යාධාර ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 400ක් පමණ වෙයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීම සඳහා තාක්ෂණික සහය ලබා දීමට අපේක්ෂා කරන බවය. ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව මෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශ්වාසය ශක්තිමත් වී ඇති බවත්, එය යහපත් ප්‍රවණතාවක් බවත් එම ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කර තිබේ.

– news.lk

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p