මිශ්‍ර අධිකරණයකට තරයේ විරුද්ධයි

September 21, 2015

මෙවර සන්ධාන ජාතික ලැයිස්තුවෙන් තමන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරනොගත්තේ වමේ බලපෑම පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට බව ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර  මහතා කියයි.

පරාජිත පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි බවද, එසේ පරාජය වූ අයට මන්ත්‍රීධූරවලට අමතරව උසස් තනතුරුද දී ඇති බව ඒ මහතා පවසයි.

කෙසේ වුවද සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පරාජිතයින් පාර්ලිමේන්තු  යැවීම ගැන නඩු 3ක් උසාවියට දමා ඇතැයිද ඒ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණයකට මිශ්‍ර අධිකරණයක් පිහිටුවීමට තමන් තරයේ විරුද්ධ බවද පැවසූ ඒ මහතා දේශීය අධිකරණ යාන්ත්‍රණය ඒ සඳහා සුදුසු යැයි ප්‍රකාශ කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p