මානව හිමිකම් සැසිය ඇරඹෙයි

September 14, 2015

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය මීට ස්වල්ප මොහොතකට පෙර ජිනීවා හිදී ආරම්භ විය.

රටවල් 47ක නියෝජිතයින් සහභාගී වන මෙම සැසිවාරය ලබන මස දෙවැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේ මාර්තු මාසයේ දී ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශන වාර්තාව මෙවර සැසිවාරයට ඉදිරිපත් වීම හේතුවෙන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුව තිබේ

අදාළ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් ඉකුත් 12 වන  දිනය වන විට ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් වෙත ලැබී ඇති බව  විදෙස් වාර්තා මගින් අනාවරණය විය.

එම වාර්තාව නිල වශයෙන් ලබන 30 වැනිදා ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p