ඉන්දික ගුණවර්ධන දිවියෙන් සමුගනියි

September 14, 2015

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඉන්දික ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඉන්දික ගුණවර්ධන මහතා ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයෙන් කි‍්‍රයාකාරී දේශපාලනයට එක් ව ජාතික සංහිදියාව හා සංවර්ධනය වෙනුවෙන් හඬ නැඟූ අයෙකු විය.

1994 සිට පොදුජන එක්සත් පෙරමුණු රජයේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධූරයේත්, නිවාස ඉදිකිරීම් හා මහජන උපයෝගීතා අමාත්‍යධූරයේ හා තැපැල්, විදුලි සංදේශ හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර තිබේ.

හෙතෙම හිටපු අමාත්‍යවරුන් වන, දිනේෂ් ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන හා කොළඹ හිටපු නගරාධිපති ප‍්‍රසන්න ගුණවර්ධන යන මහත්වරුන් හා ගත් කතුවරියක් වන ලක්මාලි ගුණවර්ධන මහත්මියගේ වැඩිමහල් සොහොයුරා මෙන්ම විශේෂඥ වෛද්‍ය  පද්මිණි ගුණවර්ධන මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා විය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ හෙතෙම මිය යන විට 72 වන වියේ පසුවිය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p