බස්නාහිර හා වයඹ නව ඇමතිවරු ජනපති ඉදිරියේ දිවුරති

September 14, 2015

බස්නාහිර සහ වයඹ පළාත් සඳහා නව අමාත්‍යවරුන් 10 දෙනෙක් අද දිවුරුම්දී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී  දිවුරුම්දීම සිදු කෙරුණි.

ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා බස්නාහිර පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, ආර්ථික ප්‍රවර්ධන, විදුලි බල හා බලශක්ති, පරිසර කටයුතු, ජලසම්පාදන හා ජලාපවාහන සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙසද දිවුරුම්දී තිබේ.

රංජිත් සෝමවංස මහතා බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා සහ යෞවුන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

ගාමිණි තිලකසිරි මහතා බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, සත්ව නිෂ්පාදන, හා සෞඛ්‍ය හා ගොවිජන සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

බස්නාහිර පළාත් ධීවර, මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළඳ නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී ඇත්තේ ලලිත් වනිගරත්න මහතායි.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බස්නාහිර පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය, සමාජ සුභ සාධන, පරිවාස හා ළමා රක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී ඇත.

මේ අතර වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා වයඹ පළාත්  මුදල් හා ක්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා,  නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, ආර්ථික ප්‍රවර්ධන, විදුලි බල හා බලශක්ති, පරිසර කටයුතු, ජලසම්පාදන හා ජලාපවාහන සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p