තාප්පවල ඇලවිලා ඉන්න හීන

August 2, 2015

“ජනතාවට හීන දකින්න දීලා තියනවා.ජනතාව මේ හීන දකිමින් ඉන්නවා.අපි කියනවා ජනතාවට මේ පෙන්නන හීන වලට රෑවටෙන්න එපා.සෑබෑ වෙනසක් වෙනුවෙන් වමේ බලයක් ගොඩ නගන්න එකතු වෙන්න ” පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහනුවර දිස්ත‍්‍රික් අපේක්ෂක සමන්සිරි ප‍්‍රනාන්දු මහතා මෙලෙස අදහස් දක්වා සිටියේ ඊයේ 01 දින ගම්පොලදී පැවැත්වූ ජන හමුවේදීය.

වෑඩිදුරටත් අදහස් දෑක්වු සමන්සිරි ප‍්‍රනාන්දු මහතා…..

අද නිල් පාට, කොළ පාට, හේදිලා ගියපු රතු පාට එහෙම නැත්නම් රෝස පාට හීන අපේ ඉස්සරහ අතුරලා තියෙනවා. උදේ නැගිට්ට වෙලේ ඉඳලා අද මේ රටේ ජනාතාව ඒ හීන බලන්න පුළුවන්. තාප්පවල ඇලවිලා ඉන්න හීන, එක එක විදියට හිනා වෙලා, තනි තනි ෆොටෝ වගේම දැන් ගෘප් ෆොටෝත් තියෙනවා. බලන්න හීන, මිනිස්සුන්ට මේ රටේ, අලවලා තියෙනවා තාප්පේ, ටීවි එකේ, රේඩි එකේ හැම තැනම. ඉතින් මේ අතුරලා තියෙන හීන උඩ තමයි ජනතාව මේ දවස්වල ඉන්නේ. පුදුම ජොලියක් තියෙන්නේ. අවුරුදු 67 කින් කරන්න බැරි වෙච්ච දේවල්, රනිල් මහත්තයා කියනවා මාස 60න් කරනවාලූ, මහින්ද මහත්තයත් කියනවා, අනුර මහත්තයත් කියනවා. දැන් තමයි වෙලාව අපිට දෙන්න අපි කොරල පෙන්නම් කියලා.

ඔය ඔක්කොම අස්සේ අපි කියනවා. එදා පවුල් – මෙදා හවුල්, රටම අවුල්, සැබෑ වෙනසක් – වමේ බලයක්, කියලා. මේක අමුතු කතාවක් නෙවෙයි. පසුගිය ජනාධිපතිවරණයේදීත් අපි කිව්වා මූණු මාරුව වැඩක් නෑ, ක‍්‍රම මාරුවක් වෙන්න ඕන කියලා. ඇයි එහෙම කිව්වේ. අපි කියන්නේ මහින්ද මහත්තයාගේ කාලේ තිබ්බ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය ලේසි එකක් නෙවෙයි. ඒක 1977 ඉඳලා, ජේ ආර් ජයවර්ධන මහත්තයාගේ ඉඳලා එන කතාවක්.

ඕන්නම් ඒක ඊටත් එහාට ගන්න පුළුවන්. අපි කිව්වා. ජේ ආර් මේ මැච් එකේ පළවෙනි ඉනිම ගැහුවා, එම් ආර් මේ මැච් එකේ දෙවනි ඉනිමයි සෙල්ලම් කරන්නේ කියලා. මේක නව ලිබරල් ධනවාදය කියන ආර්ථික ප‍්‍රතිපත්තිය එක්ක බැඳිල තියෙන ප‍්‍රශ්නයක් කියලා අපි කිව්වා. ඒ නිසා වෙනසක් වෙන්නේ නෑ කිව්වා, කව්රු ආවත් වෙනසක් වෙන්නේ නෑ කියලා අපි කිව්වා. ඒ වගේම දැන් ඒ අපි කියපු දේ වෙලා තියෙනවා.

අපි අහන් නෑ දැන් සනීපද කියලා, හැබැයි අපි එදා වගේම දැනුත් අහනවා. රැුවටුණා ඇති. දැන්වත් අපි හැමෝම වමට හැරෙමු නේද කියලා. හිසේ අමාරුවට කොට්ට මාරු කරා ඇති. දීර්ඝකාලීන සැබෑ වෙදකමක් දැන් කරගන්න ඕන. ඔය පරණ කොට්ට මෙට්ට ඔක්කොම අලූත් කරගන්න ඕන. ආර්ථිකයේ, සංස්කෘතියේ, දේශපාලනයේ, මේ හැම එකක්ම වෙනස් කරගන්න. අලූත් ජනතාවක් අපි පත් කරගන්න ඕන.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අරගලය අද හැමෝම නොකර කතා යන තැනට පත්වෙලා. අර මහනුවර රගර් ක‍්‍රීඩකයාගේ ඝාතනය ගැන මේ දවස් වල කතා වෙනවා. ඒක හොඳයි. ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. විශ්විද්‍යාල ශිෂ්‍යයෝ වෙච්ච ජානක හා සිසිත ගැන මොකක්ද කියන්නේ? උතුරේ පීඩිත තමිල් ජනතාව, වතු කම්කරුවෝ, ධීවරයෝ, ගොවියෝ, පෞද්ගලික අංශේ රජයේ සේවකයෝ මේ හැමෝම ප‍්‍රශ්න කන්දරාවක ඉන්නේ. ඒත් අපි මුලින් කියපු විධියට. මේ නිල්, කොළ, රෝස ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන තුනම කියන්නේ එයාල මේ සීන් එකට එන්ටර් වෙන්නේ විදෙස් ආයෝජකයන්ගෙන් කියලා.

ඒ නිසා ගොඩක් තාර්කිකව කතා කරල තියෙන්නේ ඒ අයට දෙන සහන ගැන. අපිට, මේ රටේ පීඩිතයන්ට දීල තියෙන්නේ මේ කපේදී ඉෂ්ඨ කරන්න බැරි පට්ටපල් කෙබර,අපි මැතිවරණෙන් මැතිවරණයට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන එලියට දාන්නේ නෑ. පසුගිය ජනාධිපතිවරණයේදී , රාජ්‍ය ස්වභාවය, ආර්ථිකය, ජාතික ගැටලූව, විදෙස් ප‍්‍රතිපත්තිය ආදී මූලික කරුණු කිහිපයක් මත තමයි වමේ පියවර අපේ ප‍්‍රතිපත්ති අපි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ජනාතාව ඉස්සරහා හීන අතුරනවා වෙනුවට දැනටත් මේ ඔබ ඉන්නේ හීනෙක කියලා කියන්න හා ඒ හීනෙන් අවදිවෙලා සැබෑ ජීවිතයක් ගොඩනගාගන්නේ කොහොමද කියන එකයි අපි කතා කරන්නේ. ඒක වෙනසක් නෙවෙයි විකල්පයක්.

ඒ නිසා වෙනසක් වෙනුවට විකල්පයක් දැන් ඕන වෙලා. ඒ නිසැකවම වෙන මොණවත් නෙවෙයි. ශක්තිමත් ජනාතා බලයක්, වමේ බලයක්. ඒ වෙනුවෙන් පෙළගැහෙන්න.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p