අටමස්ථානය වැඳ පුදාගැනීමට සුඛෝපභෝගී බස් රථ සේවාවක්

August 1, 2015

රට පුරා විවිධ ප්‍රදේශවලින් අනුරාධපුර අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුකම් සළසමින් අටමස්ථානය අතර ක්‍රියාත්මක බස් රථ සේවාව සඳහා සුඛෝපභෝගී බස් රථ 04 ක් ප්‍රදානය කිරීම ජනාධිපති   මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්   සිදු වී තිබේ.

අද(31) සංරක්ෂණය කරන ලද අභයගිරිය චෛත්‍යයේ ප්‍රථම ස්ථූප පූජාවට සහභාගී වූ ජනාධිපතිතුමා ඉන් අනතුරුව  මේ සදහා එක් විය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථ 04 ක් මෙලෙස ප්‍රදානය කෙරුණු අතර එම බස් රථ ධාවනයේ යොදවමින් පළමු ටිකට්පතද ජනාධිපතිතුමා විසින් මිලදී ගනු ලැබීය.

සුඛෝපභෝගී බස් රථ සේවාව යටතේ කි.මි 22 ක දුරින් යුත් අටමස්ථාන චාරිකාව සඳහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රුපියල් 100 ක් බව වාර්තාවෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p