ධනවාදය ඇතුලේ අද වන විට වචන පවා ලාභ විකුණුම් අරමුණු වෙනුවෙන් භාවිතා වෙනවා

July 30, 2015

පෙරටුගාමී සමාජවාදි පක්ෂය, 29 දින අවිස්සාවේල්ලේ පැවැත්වූ ජන හමුව අමතමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂක පුබුදු ජයගොඩ මහතා කියා සිටියේ වමේ බලයකින් හා දෘෂ්ඨියකින් පමණක් රටේ ආර්ථිකය ගොඩ නෑගිය හෑකි බවයි.

අද දේශපාලන වේදිකාවල බොහෝම සිල්ලරට භාවිතාවෙන වචන තමයි, වෙනස, විප්ලවය වගේ වචන, ධනවාදය ඇතුලේ අද වන විට වචන පවා ලාභ විකුණුම් අරමුණු වෙනුවෙන් භාවිතා වෙනවා කියන්න උදහරණ මේ තුළ තියෙනවා. එක්සත් ජාතික පක්ෂය අද, ජනවාරි 8 විප්ලවයක් ගැන කතා කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ඒක හෘදෂාක්ෂියකට කෙට්ටු කරලා තියෙනවා, එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒක, සුහද සමාජයක් කියල ජනතාව අන්දලා තියෙනවා.

අපි පැහැදිළිව කියනවා. මේ තුනම, අතිශය ප්‍රෝඩාකාරී ලෙස මේ රටේ පීඩිතයන්ව රවටමින් ඉන්නවා. පදනමින් ගත්තම මේ තුන්ගොල්ලම අද සිය ඊනියා මැතිවරණ ප‍්‍රකාශන හරහා කතා කරන්නේ ජාතික ආර්ථිකයක් ශක්තිමත් කිරිම ගැන. ඒ වෙනුවෙන් ලෝක ආර්ථිකයේ පංගු අත්පත්කර ගැනීම් ගැන තමයි අද කතා කරන්නේ, අපි කියන්නේ මේ හාදයෝ කව්රුත් හිතන්නේ ලිං මැඩි ලෝකෙක ඉඳලා.

අපි එක ප‍්‍රශ්නයක් අහනවා ඔය කියන අත්පත්කරගන්න ලෝක ආර්ථිකයක් කොහෙද තියෙන්නේ, 2008 ඉඳලා ඔය කියන ආර්ථිකය සම්පූර්ණයෙන්ම බංකොලොත් වීගෙන තමයි මේ වන විට එන්නේ. අර කාලෙකට කලින් ලංකාවේ ප‍්‍රදර්ශනය වෙච්ච මචං චිත‍්‍රපටියේ වගේ, ලංකාවේ ජනතාව මේ අය හිර කරන හීනයක් තමයි. ෆයිට් කරනවා වෙනුවට ෆ්ලයිට් කරන්න උගන්වන එක. ගම් වල ඉන්න අය හිතනවා. නගරෙට ගියාම හරි කියලා, නගර වල ඉන්න අය හිතනවා පිටරට ගියාම හරි කියලා.

අපි කියනවා ඔය කිසි දෙයකින් ප‍්‍රශ්න බේරන්න බෑ. අද මුළු ලෝකෙම එකම කඩාවැටීමක තියෙන්නේ. චීනයේ පවා මේ දවස්වල කොටස් වෙළඳපොල විශාල වශයෙන් කඩා වැටීමක තමයි තියෙන්නේ. ඒ හින්දා මේ තියෙන අර්බුදය එක්ක, 2000 -2002 වගේ සාකච්ඡුා වෙච්ච ජාතික ආර්ථිකයක් ගැන ඊනියා පොර ටෝක් වලින් සැබෑ වෙනස් ගේනන බෑ. අපි කියන්නේ ඒ වෙනුවෙන් ජන සහභාගී ආර්ථිකයක් ගොඩනගන්න. දීර්ඝ කාලීන පීඩිත පන්ති අරගලයක් ඕන. වමේ බලයකින් හා දෘෂ්ඨියකින් විතරමයි ඒක කරන්න පුළුවන්. අපි පැහැදිළිව කියනවා. තවත් පැලැස්තර අලවන්න දෙයක් මේ පවත්වාගෙන යන ක‍්‍රමය තුළ නෑ. ඒක තමයි ඇත්ත වෙනසක මාර්ගය, ඒක තමයි ඇත්ත විප්ලවයක මාර්ගය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p