යහපාලනය ගැන බමුණෙක්, හොරු හතරක්, එළුවෙක් ගැන අපූරු කතාවකින් කියයි..

August 1, 2015

රට බේරාගත් වීරයා හොරකු ලෙස ප‍්‍රතිරූපගත කිරිමේ පාදඩ සන්නිවේදන මෙහෙයුමක් රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීර, චම්පික රණවක, අනුරකුමාර දිසානායක හා රාජිත සේනාරත්න ඇතුළු පිරිස ගෙන ගිය බවත් එය ජනවාරි 08 වැනිදා සාර්ථක වූ බවත් සිදු වූ වැරැද්ද තේරුම් ගත් මෙරට බුද්ධිමත් ජනතාව ඊට නිසි පිළිතුරු දීමට අගෝස්තු 17 වැනිදා එළෙඔන තෙක් ඇගිලි ගනිමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතා මේ බව පෙන්වා දුන්නේ ඊමොනරාගල ප‍්‍රාදේශීය සභා ක‍්‍රීඩාංගණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ජනරැලිය අමතමිනි.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘අපි මේ මොනරාගල ප‍්‍රාදේශීය සභා පිටියට එක් වුණේ ජනවාරි 08 වැනිදා සිදු වූ ඓතිහාසික  වැරැුද්ද නිවැරදි කරන්න අවශ්‍ය ජනබලවේගය ගොඩනගන්නයි. වෙන වෙන තැන්වල වරද්දචා ගත්තත් මොනරාගල ජනතාව ජනවාරි 08 වැනිදා නිවැරදි තීරණය ගත්තා. ඒ නිසා ඔබ සැමට අයිතිය තියෙනවා ‘අපි තමයි ජනවාරි 08 වැනිදා පොට පටලවා නොගත් පිරිස’ කියලා අභිමානයෙන් යුතුව සතුටු වෙන්න.

ජනවාරි 08 වැනිදා සිදු වූ දේ පැහැදිලි කරන්න, මම රසවත් පැරණි කතාවක් කියන්නම්.

‘එක බමුණෙක් එළුවෙක් මිලදී ගෙන අරගෙන යනවා ගෙදරට. ඒක දැකපු හොරු 05 දෙනෙක් තීරණය කළා කොහොමහරි මේ එළුවාව බමුණාගෙන් ගන්න. හොරු 05 දෙනා පස්පොළක හිටියා එළුවා රැුගෙන එන බමුණා මුණගැහෙන්න. පළමුවැනි හොරාට බමුණා මුණ ගැහුණා. පළමුවැනි හොරා බමුණාගෙන් ඇහුවා ‘මේ මොකද බමුණො බල්ලෙක් අරගෙන යන්නෙ? කියලා. බමුණා බැලූවා එළුවා දිහා. ‘මේකා  එළුවෙක්නේ. බල්ලෙක් වෙන්නේ කොහොමද? කියා සිතමින් බමුණා ඉස්සරහට ගියා. එහෙම යනකොට දෙවන හොරාට බමුණා මුණගැහුණා. ‘ඇයි බමුණො මේ බල්ලෙක් අරගෙන යන්නේ?’ කියලා දෙවන හොරා ඇහුවා. දැන් බමුණාට සැකයි. එයා එළුවා දිහා සැරයක් හොඳින් බලලා තවත් ඉස්සරහට ගියා.

ඔන්න දැන් තුන්වැනි හොරාට බමුණා මුණගැහුණා ‘මොකද බමුණෝ මේ බල්ලෙක් අරගෙන යන්නේ?’ කියලා එයාත් ඇහුවා. දැන් බමුණාට තවත් සැකයි. ඒ සැරේ තවත් හොඳින් එළුවා දිහා බැලූවා ‘බලූ මූණ නොවෙයි තියෙන්නේ එළු මූණනේ’ කියමින් බමුණා ඉදිරියටම ගියා.

මෙහෙම ඉදිරියට යනකොට හතරවැනි හොරාට බමුණා මුණ ගැහුණා. ‘මොකද බමුණෝ මේ බල්ලෙක් අරගෙන යන්නේ, මොකක්ද හැදිලා තියෙන ලෙඬේ?’ කියලා හතරවැනි හොරා ඇහුවා. දැන් බමුණාට හොඳටම සැකයි. ‘මේකා එළුවෙක් නොවෙයි බල්ලෙක්වත්ද? කියලා හිතමින් ඒත් ඉස්සරහටම ගියා ගෙදර යන පාර දිගේ. ඔන්න දැන් බමුණා 05 වැනි හොරා නතර වෙලා හිටපු තැනටත් ආවා. දැන් පස්වැනි හොරාත් අහනවා, ’මොකද බමුණෝ මේ බල්ලෙක් අරගෙන යන්නේ?’ කියලා. දැන්නම් බමුණාට හොඳටම සැකයි. ‘මේකා එළුවෙක් වෙන්න බැහැ. නැතිනම් පස් දෙනෙක්ම කියන්නේ නැහැනේ මේකා බල්ලෙක් කියලා.’ යැයි හිතමින් බමුණා අන්තිමේදි එළුවා දාලා හිස් අතින් ගෙදර ගියා. එළුවාට, බල්ලා කියලා බමුණා රවට්ටපු හොරු 05 දෙනා එළුවා අල්ලාගෙන මසට ගත්තා.

මේක නොවෙයිද ජනවාරි 08 වැනිදා ඡන්දය දිනන්න රනිල් වික‍්‍රමසිංහලා අනුගමනය කරපු ක‍්‍රමය? රනිල් වික‍්‍රමසිංහ මහත්තයා දැන් කියනවානේ, ‘මම මාසයක් ඇමෙරිකා එක්සත් ජනපදයේදී මහින්ද පරද්දන්න ඉගෙන ගත්තා’ කියලා, හරි ආඩම්බරයෙන්. ඇමෙරිකාව රනිල්ට කියලා දුන්නෙත් අර බමුණාගෙන් එළුවා පැහැරගන්න හොරු 05 අනුගමනය කරපු ක‍්‍රමයම තමයි. ‘ගොබෙල්ස් න්‍යාය’ කියන්නෙත් මේකම තමයි.

මේ රට බේරාගත්තු, රට ගොඩනගපු, රටට පණ දීපු නායකයාට මේ අය ගහන්න ගත්තා, ‘හොරා, හොරා, හොරා…’ කියලා. මුලින් ඇහුණාම ජනතාව ගණන් ගත්තේ නැහැ. දෙවන පාර ඇහුණාම හිතුනා ’ඇත්තද දන්නෙත් නැහැ?’ කියලා. තුන්වන පාර ඇහුණාම හිතුනා ’මොකක් හරි ඇති නේද?’ කියලා. හතරවැනි පාර ඇහුණාම ‘ඇත්තක් ඇති නේද?’ කියලා හිතුනා. පස්වැනි පාර ඇහුනාම ‘එහෙනම් මොනවා හරි හොරකම් වෙලා ඇති’ කියලා ජනතාව හිතුවා. එළුවා, බල්ලා කළා වගේ රට බේරාගත්තු වීරයාව ‘හොරා’ කිරීමේ පාදඩ සන්නිවේදන මෙහෙයුම තමයි, රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීර, ප.ච. රණවකලා, රනිල්ගේ රතුඅලිපැටියා, දත් දොස්තර ඇතුළු පිරිස දියත් කළේ. මේ 05දෙනා අර හොරු 05 දෙනාගේ වැඬේ තමයි කළේ.’’

– අනුරුද්ධ බණ්ඩාර

Sammy

Previous story Next story

Leave a comment

t

o

p