ලොතරැයි අලෙවිකරුවන්ට රක්ෂණාවරණයක්..

June 7, 2015

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරුයි අලෙවි කරුවන් වෙනුවෙන් රක්ෂණ ආවරණයක් හඳුන්වා දීම අද (06) අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
 
ඔවුන්ගේ මෙහෙවර සැබෑ ලෙස අගය කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් මත ඔවුන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කර තිබේ. දිවි වාසනා ලෙස නම් කර ඇති මෙම රක්ෂණ ක්‍රමය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග එක්ව ක්‍රියාත්මකයි.
මෙම රක්ෂණාවරණය සම්පූර්ණයෙන් ම නොමිලේ ලබා දීම විශේෂත්වයකි. රුපියල් ලක්ෂ දෙක හමාරක වටිනාකමින් යුතු මෙම රක්ෂණය මගින් ස්වාභාවික මරණයක දී රුපියල් 75,000ක මුදලක් හිමිවෙයි. රෝහල් ගත වූ අවස්ථාවක දී දෛනිකව හිමි වන මුදල රුපියල් දහසකි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p