බංග්ලාදේශ ජාතිකයෙක් මැරුවැයි ලාංකික තරුණයෙකුට එරෙහිව නඩුවක්

June 5, 2015

විදෙස් ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකුට මලයාසියානු අධිකරණයක් හමුවේ නඩු පවරා තිබේ.

43 හැවිරිදි බංගලාදේශ ජාතිකයෙකු ඝාතනය කළ බවට අදාළ ශ්‍රී ලාංකිකයාට චෝදනා එල්ල වී ඇත.

පසුගිය මැයි මස 19 වනදා මලයාසියාවේ සිම්පන්ග් පුලායි හිදි මෙම ඝාතනය  සිදුව ඇති බව සඳහන්ය.

ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලාංකිකයා 19 හැවිරිදි තරුණයෙකු බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළේය.

අද දිනයේ විභාගයට ගත් එම නඩුව යළිත් ලබන අගෝස්තු මස 7 වනදා දක්වා කල්තබා ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p