පකිස්ථාන යුධ හමුදා ප්‍රධානීයා දිවයිනට

June 5, 2015

පකිස්ථාන යුධ හමුදා ප්‍රධානී ජනරාල් රහීල් ශරීෆ් මහතා නිල සංචාරයක්  සඳහා අද දිවයිනට පැමිණෙයි.

හමුදා  ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්තද සිල්වා මහතාගේ ආරාධනයක් මත පකිස්ථාන හමුදා ප්‍රධානියා දිවයිනට පැමිණෙන බවයි.

පකිස්ථාන යුධ හමුදා ප්‍රධානී ජනරාල් රහීල් ශරීෆ් මහතා සමඟ එරට තවත් ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් තිදෙනෙකුද පැමිණීමට නියමිත අතර ඔවුන් ලබන 09 වනදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත.

මෙම  සංචාරය අතරතුර ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

ඊට අමතරව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් හමුවී දෙරටේ ආරක්ෂාව පිළීබඳ සුහදත්වය වර්ධනය කරගැනීම සඳහා වන සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පකිස්ථානය  නිරන්තරයෙන් ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව පවත්වාගෙන යන අතර මෙරට පැවති ත්‍රස්තවාදය තුරන්කිරිම සඳහා වැඩි වශයෙන් දායකවු රටක් ලෙස ද එරට හැඳින්විය හැකිය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p