යුද අපරාධ විමර්ශන වලට මුහුණදෙන්න මම සුදානම්!

May 28, 2015

යුද අපරාධ විමර්ශනයක් සඳහා මුහුණදීමට තමා සූදානම් බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

“ ද ගාර්ඩියන්“ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එමගින් නිදොස් බව ඔප්පු කිරීමේ හැකියාව පවතින බවයි.

තමා හමුදාපතිවරයාව කටයුතු කළ යුදමය වාතාවරණය පැවති සමයේ  සමස්තයක් ලෙස යුද හමුදාව යුද  අපරාධ නොකළ බවට තමාට සහතික විය හැකි බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් එක් පුද්ගලයෙකු වශයෙන් සැලකීමේ දී තමාට ඒ පිළිබඳ ප්‍රකාශ කළ නොහැකි බව සරත් ෆොන්සේකා මහතා පවසා ඇත.

මේ හේතුවෙන් සමස්ත යුද හමුදාවට ස්ත්‍රී දූෂණ හෝ යුද  අපරාධ සම්බන්ධ චෝදනා එල්ල කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට හැකියාවක් නොමැති බව හිටපු යුද හමුදාපතිවරයා එහිදී පවසා තිබේ.

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදි අදහස් පල කර ඇති සරත් ෆොන්සේකා මහතා තමා ඕනෑම අවස්ථාවක දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් බවත්,  කිසිදු දිනක රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වීමේ අපේක්ෂාවක් තමාට නොමැති බවත්   පවසා ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p