බි‍්‍රතාන්‍ය ගුවන අවදානමේ.. F-35 ලෙඩ ගොඩක් වෙයි..

May 29, 2015

ඇමරිකානු F-35 ප‍්‍රහාරක යානා ව්‍යාපෘතියේ දිනෙන් දින ඉහළ යන වියදම සහ නිෂ්පාදන ප‍්‍රමාදය හේතුවෙන් බි‍්‍රතාන්‍යයේ අහස් කුස සම්පූර්ණයෙන්ම අනාරක්‍ෂිත තත්වයකට පත්වීමේ අවදානමක් ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මැසිවිලි නගන බව වාර්තා වේ.

තවත් වසර 3කින් ටෝනා්ඩෝ ජෙට් යානා විශ‍්‍රාම ගැන්වීමෙන් පසු බි‍්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප‍්‍රහාරක යානා ශක්තිය හාස්‍යයක් බව ඔවුන්ගේ අදහසයි.

F-35 ප‍්‍රහාරක යානා 8ක් ලබන වසරේදී බි‍්‍රතාන්‍ය ගුවන් හමුදාවට එක්කිරීමට  සැලසුම් කර තිබුණු නමුත් 2012දී නිෂ්පාදනය අවසන් කිරීමට නියමිතව තිබුණු 5වන පරපුරේ ප‍්‍රහාරක යානය කරළියට එන දිනය 2018 දක්වා කල් දමා තිබේ.

එමෙන්ම එක් යානයක වියදම ඩොලර් මිලියන 130 දක්වා දෙගුණයකින් වැඩිවී ඇතැයිද පැවසේ.

2010-2012 කාලසීමාව තුළ සන්නද්ධ හමුදා පිළිබඳ රාජ්‍ය අමාත්‍යදුරයේ කටයුතු කළ ශ‍්‍රීමත් නික් හාර්වි පවසා ඇත්තේ 2020 පමණ වන තුරු F-35 යානා සේවයට එක්කිරීමේ කිසිදු අවස්ථාවක් නොමැති බවයි.  මෙම ව්‍යාපෘතිය ඉතිහාසයේ විශාලතම සුදු අලියෙක් බව ඔහු දක්වා ඇත.

ප‍්‍රමාදය පමණක් නොව වියදම විසින්ද බි‍්‍රතාන්‍ය ඇණවුම විහිළුවක් වී ඇති බව හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් ශ‍්‍රීමත් මයිකල් ගේ‍්‍රඩන් පවසා තිබේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p