දැනුම්දීමක් නෑ – වර්ජනය නැවැත්තුවෙත් නෑ

May 27, 2015

අද දින සේවයට නොපැමිණි ආදේශක,අනියම් සෞඛ්‍ය සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බවක් මෙතෙක් ‍සේවකයින්ට දැනුම්දී නැතැයි සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පවසයි.

රටේ පරිපාලන නීතියක් ඇති බැවින් මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කිරීම පසෙකලා එකී නීතිය අනුව කටයුතු කළ යුතුව ඇති බව හෙතෙම සඳහන් කළේය.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයිනපුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යය මණ්ඩලය විසින් දියත් කරන ලද වැඩවර්ජනය හෙට දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව adaderana කළ විමසුමකදී ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද දින සේවයට වාර්තා නොකළ ආදේශක අනියම් සෞඛ්‍ය සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බව අමාත්‍යංශය නිවේදනය කරන ලදී.

තවද රෝහල්වල සුළු සේවා පාලක කාර්යාල වසා තබා ඇති සුළු පාලකවරුන් හටද විනය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත උපදෙස් ලබාදී ඇති බවද සඳහන්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p