හැට රියනක් දිග සොහොන් කොත කාගෙද ?

May 27, 2015

අතීතයේදී ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බව කියන “හැට රියන්”නම් වූ චෞර නායකයා මිහිදන් කර ඇතිබවට විශ්වාස කෙරෙන හලාවත – වැලිහේන ප්‍රදේශයේ පිහිටි සොහොන් කොත ඡායාරූපයේ දැක්වේ.

හැට රියනක් (60) දිග මෙම චෞර නායකයා සමග තවත් දෙදෙනෙකු හලාවත ප්‍රදේශයට මුහුදු මගින් පැමිණ ඇති බවත් ඉන් එක් අයෙකුව කල්පිටිය – පාලකුඩාව ප්‍රදේශයේ මිහිදන් කර ඇති බවත් ජනප්‍රවාදයන්හි දැක්වේ. මුස්ලිම් ජාතිකයින් විසින් විවිධ අවස්ථාවලදී මෙම ස්ථානයට පැමිණ විවිධ ආගමික කටයුතු සිදු කරන අතර ඒ අනුව මෙම ස්ථානයේ මිහිදන් කර ඇත්තේ මුස්ලිම් ජාතිකයෙකු බවද ඇතමුන් පවසයි. ඒ නිසාම ඇතමුන් මෙම සොහොනට “මරක්කලයාගේ සොහොන”නමින් හඳුන්වන්නට ද කටයුතු කර ඇත.

6 වන පරාක්‍රමබාහු රජ සමයේ හලාවත ප්‍රදේශයේ කිසියම් බලසම්පන්න අයෙකු සිට ඇති බවත්,රජු විසින් කරන ලද නියමයක් අනුව ප්‍රාදේශීය නායකයෙකු විසින් ඔහුව ඝාතනය කර ඇති බවට ඇතමුන් තුළ විශ්වාසයක් පවතින බැවින් මෙම ස්ථානයේ මිහිදන් කර ඇත්තේ එම පුද්ගලයා විය හැකි බවත් තරුණ පුරා විද්‍යා ගවේශකයෙකු වන ඩේවිඩ් ගයාන් ඉන්දික මහතා කියා සිටී.

පුත්තලම – ජූඩ් සමන්ත

Sammy

Previous story Next story

Leave a comment

t

o

p