‘මගෙ දෙයියෝ මං ඔයාලට එරෙහි වුණේ නෑ’.

May 27, 2015

පසුගියදා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීළඟ මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා කරවීම සඳහා බළන්ගොඩ පැවති ජන හමුවේදී කතාවක් පැවැත්වීම ආරම්භ කරද්දී ජනතාව මහ හඬින් හූ තියමින් ඝෝෂා කරන්නට වූහ.

හූ හඬ මැද පවිත‍්‍රි සිය කතාව මෙසේ සිදු කලාය.

‘අනේ දෙයියෝ මං ඔයාලට එරෙහි වුණේ නෑ. ද්‍රෝහි වුණෙත් නෑ. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදාලා යන්නේ නෑ. ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන්න දිවිහිමියෙන් කැපවී ක‍්‍රියාකරනවා.ඒ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ අගමැති කරනවාමයි. මේ ආණ්ඩුවේඇමතිකමක් ගත්තේ පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණයක් නිසයි. ගිය මැතිවරණයේදී මහින්ද දිනවන්න මම විශාල කැපකිරීමක් කළා. මගේ ගෙදරත් ඔට්ටු ඇල්ලූවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p