මාධ්‍යවේදීන්ට යෝජිත ඉඩම බලන්න ඇමැති ගයන්ත යයි

May 25, 2015

ජනමාධ්‍යවේදීන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අද (25) පෙරවරුවේ හෝමාගම දියගම පිහිටි යෝජිත ඉඩම පරීක්ෂා කරයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දියගම විකාශනාගාරය අසල පිහිටි යෝජිත මෙම භූමිය එම සංස්ථාවට අයත් වූවකි.

ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් රාජකාරි භාරගත් දින, මාධ්‍යවේදීන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමට කටයුතු කරන බවට කළ ප්‍රකාශය අනුව ජනමාධ්‍යවේදීන් සඳහා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට හෝ ඔවුන්ට රුචි පරිදි තමන්ගේ නිවස ඉදිකර ගැනීමට ඉඩම් කොටසක් ලබාදීම කෙරෙහි ඇමැතිවරයාගේ අවධානය යොමුව ඇත.

ඉඩම් පරීක්ෂා කිරීමේ චාරිකාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ද සහභාගි විය

 

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p