ස්ත්‍රී හිංසනයට එරෙහිවෙමු – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය

May 25, 2015

යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමීමේ සිද්ධිය පදනම් කරගනිමින් ස්ත්‍රී හිංසනයට එරෙහිවීමේ අවශ්‍යතාව පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් පැවැත්වූ වැඩසටහනක් අද (25) දින පෙරවරු 09 ට කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න
‘‘අපි ජීවත් වෙන ලංකාවේ විතරක් නෙමෙයි අසල්වැසි ඉන්දියාවෙත් ලෝකයේ වෙනත්  ඕනෑම තැනකත් ස්තිිිි‍්‍රය පීඩාවට පත්වෙන එක පොදු දෙයක් බවට පත් වෙලා. මේ වෙනකොට අපේ රටෙත් අසල්වැසි ඉන්දියාවෙත් අපිට අත්දකින්න ලැබෙන්නේ ඉතාම බියකරු වගේම ජුගුප්සාජනක සිදුවීම්. එහි කෙළවර ඉතා ශෝචනීය හිංසනයන් සහිත මරණ. අද අපිට විද්‍යාගේ මරණයෙන් පෙන්වන්නේ එහි එක් පැතිකඩක්. මේක තුළ උතුරේ පීඩාවට පත්වෙන ස්ත‍්‍රීන්ගේ කථාවට අලූත් මානයක් විවර කරනවා. ඒ වගේම මේ තමයි ලාංකේය ස්ති‍්‍රයගේ ජීවිතයේ අපි කාටවත් හසු නොවෙන පැත්ත. එදා කොටකෙතන සහෝදරියන්, කිරුළපන මරා දැමුණු කුඩා දියණිය, උතුේර  සාරන්‍යා, කි‍්‍රශාන්ති කුමාරස්වාමි, වගේම තවත් බොහෝ දෙනෙක් ඉන්නවා. මේ කථාවට සිංහල තමිල් බේදයක් නෑ.මේ ඇය ස්ති‍්‍රයක් වීම නිසා අත්විදින ඇත්ත තත්වයයි. ඒක හෙට දවසේ ඔබේ දියණියට සොයුරයට මවට එල්ල වෙන්නේ නෑ කියලා ඔබ අප කාටවත් කියන්න බෑ. විද්‍යාගේ සිද්ධියෙන් උතුර කම්පනය කළා විතරක් නෙමෙයි සාමූහික විරෝධයක්ද දැනටමත් එල්ලවෙලා ඉවරයි. එය කෙතරම් ප‍්‍රමාණයකින් අපි හැමෝගේම හදවත් කම්පනයට ලක්කරන අත්දැකීමක් වුණාද කියන එක අපි අපිම අහගන්න  ඕන ප‍්‍රශ්නයක්. ඉන්දියාවේ නිර්භයා ලිංගික හිංසනයට ගොදුරුවෙද්දී කම්පාවට පත්වුණු ලංකාවේ බොහෝ දෙනා අද විද්‍යාගේ ප‍්‍රශ්නයේදී නිහඬවෙලා ඉන්නේ ඇයි කියලා අපිට ගැටළුවක් තියෙනවා. සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක උතුරේ තවත් ප‍්‍රශ්නයක් කියලා. හැබැයි අපි කියන්නේ මේක සීමා මායිම් කිසිවක් නැතිව කතාකරන භාෂාවලින් එහාට ගිය සමස්ත ස්ත‍්‍රී පරපුරේ ප‍්‍රශ්නයක්, අපේම ප‍්‍රශ්නයක්.
ඒ වගේම මේ වෙලාවේ ලංකාවේ මාධ්‍ය වගේම, දකුණේ මෙන්ම උතුරේ දේශපාලකයන් හැසිරෙන විදිහ ගැනත් කථා කරන්න  ඕනෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ උතුරේ උසාවිවලට ගල් ගහනවා පොළිසියට පහර දෙනවා ඒක භයානක තත්වයක් නැවතත් මේ සූදානම් වෙන්නේ මොකටද කියලා හිතලා බලන්න වෙනවා කියලා. ඒ වගේම ඩලස් මහත්තයා කියන්නේ මේ උද්ඝෝෂණය කරපු අය අතරේ කොටි  ඕල්ඞ් බෝයිස්ලා ඉන්නවා, විද්‍යාගේ මරණය හරහා නැවත පරණ තැනට යන්න අදාල වටපිටාව සකස් කරනවා කියලයි. වීරවංශ මහත්තයාට අදාලව මේක යහපාලනයේ ගැටලූවක්. ඒ වගේම එස් බී  මහත්තයා කියන්නේ මේක අහිංසක දෙමළ තරුණියක් දෙමළ පිරිමි දරුවෝ හයදෙනෙක් එකතුවෙලා අපයෝජනය කිරීමක්, හොඳ වෙලාවට එතන සිංහල කවුරුත් ඉදලා නෑ කියලා. ඉතින් මේ කථා සේරම ඇතුලේ පේන දේ තමයි දේශපාලකයෝ හැමදාමත් කරපු දේ. මේ අය රටේ  ඕනැම ප‍්‍රශ්නයක් තමන්ගේ දේශපාලන වාසියට හරවා ගන්නවා. ඒකට සිංහල තමිල් බේදයක් තිබුනේ නෑ. තියෙන්නෙත් නෑ.

 

 

DSC_2184 DSC_2204 DSC_2207

Sammy

Previous story Next story

Leave a comment

t

o

p