වයස 11යි.. උපාධි 3යි

May 24, 2015

ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ 11 හැවිරිදි සිසුවෙක් උපාධි ත‍්‍රිත්වයක් සමගින් විද්‍යාලයෙන් සමත්ව ඇතැයි වාර්තා වේ.

සැක‍්‍රමෙන්ටෝහි ඇමරිකන් රිවර් කොලේජ්හි අධ්‍යාපනය ලබා අවසන් කළ ටානිෂ්ක් ඒබ‍්‍රහම් 60 වසරක ඉතිහාසය තුළ මෙවැනි දස්කමක් දැක්වූ ලාබාලතම සිසුවා විය හැකි බව එම විද්‍යාලයේ පරිපාලනය පවසා තිබේ.

ඇතැම්විට ඔහු ලාබාලතම උපාධිධාරියා විය හැකි නමුත් සියලූ වාර්තා පරීක්‍ෂා කිරීමට ක‍්‍රමයක් නොමැති හෙයින් එය තහවුරු කළ නොහැකි බව ඇමරිකන් රිවර් විද්‍යාලයේ ප‍්‍රකාශක ස්කොට් ක්‍රෝ සඳහන් කර ඇත.

උපාධි ප‍්‍රධාන උත්සවය අවසන්වූ පසු ටානිෂ්ක් පවසා ඇත්තේ තමන් අධ්‍යාපනය ලැබීමට කැමැති කෙනෙක් බවයි.

පශු වෛද්‍යවරියක් වන ඔහුගේ මව ටාජි, ටානිෂ්ක්ට නිවසේදී අධ්‍යාපනය ලබාදී ඇති අතර ඒ සඳහා ඇගේ ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු අතපසු කර තිබේ.

ටානිෂ්ක් ඒබ‍්‍රහම් වයස අවුරුදු 10දී උසස් පාසල සමත්වීමට අවශ්‍ය සුදුසුකම් සැපිරූ බවත් ඔහු ඇමරිකාන් රිවර් විද්‍යාලයේ අධ්‍යයනය ඇරඹුවේ වයස අවුරුදු 7දී බවත් වාර්තා වේ.

ටාජි ඒබ‍්‍රහම් පවසා ඇත්තේ ළදරු පාසලේ සිටම සිය පුතු වසර කිහිපයක් ඉදිරියෙන් සිටි බවයි.

ඒබ‍්‍රහම් පවුලම ඉහළ බුද්ධි මට්ටමකින් සමන්විත වන අතර පියා බිජූ ඒබ‍්‍රහම් කෝර්නල් විශ්වවිද්‍යාල උපාධිධාරියකු සහ මෘදුකාංග ඉංජිනේරුවෙකි.

ටානිෂ්ක්ගේ සොයුරිය වන 9 හැවිරිදි ටියාරාද අධ්‍යයන කටයුතු වල දක්‍ෂයෙකු ලෙස සැලකේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p