කොටි සැමරුම් තහනම්

May 18, 2015

මුලතිව් දිස්ත්‍රික්කය තුළදී එල්.ටී.ටී.ඊ.යට අදාළ කිසිදු සැමරුමක් පැවැත්වීම 15 දා සිට 29 තෙක්  තහනම් බව මුලතිව්  මහේස්ත්‍රාත් සම්සුදීන් මහතා විසින්  නියෝගයක්  පනවා ඇත. මුලතිව් මූලස්ථාන  ‍පොලිස්  පරීක්ෂකවරයා විසින් ඉකුත් 15 දා මුලතිව්  අධිකරණය වෙත කරුණු දක්වමින් කියා ඇත්තේ තහනම් සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය සැමරීම සඳහා පිරිසක්  උත්සහයක යෙදෙන බවත් ඊට ඉඩ දෙනු ලැබුණහොත් මහජන සාමය කඩවීමක්  සිදුවිය හැකි බවත් එම නිසා උත්සව පෙළපාළි සඳහා තහනම්  නියෝගයක් පනවන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය. පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් 15 දා සිට 29 දා තෙක්  මුලතිව්  දිස්ත්‍රික්කය තුළ කිසිදු   ආකාරයක පෙළපාලි, උද්ඝෝෂණ, එළිමහන්  සැමරුම් තහනම් බවට නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර නඩු විභාගය  29 දිනට කල් තැබිය.
වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් දින කිහිපයේදී එල්.ටී.ටී.ඊ.යේ නායක මට්ටමේ  සිටි විශාල පිරිසක් මරණයට පත් වූ අතර එල්.ටී.ටී,ඊ, නායක ප්‍රභාකරන් මිය ගියේ 2009 මැයි 19 දාය. කෙසේ නමුත් පසුගිය  වසරවල දෙමළ ජාතික සන්ධානය ඇතුළු  සංවිධාන  කීපයක්ම  විවිධ  ආකාරයෙන් මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීම සිදු කළ  අතර  ආරක්ෂක අංශවලින් බාධාවන්ද එල්ල වුණි.
නව රජය බලයට පත්වීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රකාශ  කළේ යුද්ධයේදී මියගිය පිරිස් සැමරීම මෙවර උත්කර්ෂවත් ලෙස සිදුකරන බවකි. ඒ අනුව ඉකුත්  12දා මුලතිව් වෙල්ලමුල්ලවෛක්කාල් වෙත පැමිණි  දෙමළ සන්ධාන පළාත් සභා  මන්ත්‍රීන් වන එම්. කේ. ෂිවාජිලිංගම්, රවිහරන් හා ආනන්දි සෂිදරන් ඇතුළු  පිරිසක් පහන් දල්වා මියගිය පිරිස් සමරනු ලැබූ අතර මැයි 12 සිට 19  දක්වා සතිය “ජන සංහාර සතිය”  ලෙසද නම් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p