මහා පරිමාණ දුරකථන දත්ත රැස්කිරීමට ඇමරිකානු කොංග‍්‍රසය එරෙහි වේ

May 18, 2015

ඇමරිකානු නිදහස් පණත් කෙටුම්පත කොංග‍්‍රස් මණ්ඩලය තුළ සම්මතවී ඇතැයි වාර්තා වේ.  ඒ සඳහා පක්‍ෂව සභිකයින් 338ක් සිය ඡන්දය භාවිතා කර ඇති අතර එරෙහිවී ඇත්තේ 88ක් පමණකි.

ජාතික ආරක්‍ෂක ඒජන්සිය විසින් ක‍්‍රියාත්මක කරන මහා පරිමාණ තොරතුරු එක්රැස් කිරීම් නැවැත්වීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ මෙම කෙටුම්පත විසින්ද ඇමරිකානු ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කිරීමට ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන නොමැති බවට චෝදනා නැගුණද කිසිදු සංශෝධනයකින් තොරව එය සම්මත වීම විශේෂත්වයකි.

නව නිදහස් පණත යටතේ දේශපේ‍්‍රමී පණත මගින් ලබාදී තිබූ ප‍්‍රතිපාදන භාවිතා කරමින් දුරකථන මෙටා දත්ත රැස්කිරීමට ජාතික ආරක්‍ෂක ඒජන්සියට දී තිබූ ඉඩ අවුරා තිබේ.

ඒ අනුව යමෙකුගේ දුරකථන දත්ත ලබාගැනීමටනම් ඒ එක් එක් අවස්ථාවකදී අධිකරණ වරෙන්තුවක් ලබාගැනීමට සිදුවනු ඇත.

විදෙස් බුද්ධි කටයුතු අධිකරණය සංශෝධනය කරමින් චරපුරුෂ ආයතන විසින් පවතින නීතියට අර්ථකථන ඉල්ලන විට ඒ සඳහා මැදිහත්වීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කිරීමටද නව පණතෙන් යෝජනා කර තිබුණු අතර ඇතැම් තීන්දු ප‍්‍රසිද්ධියට පත්කිරීමට සිදුවනු ඇත.

කෙසේවෙතත් ජාතික ආරක්‍ෂක ඒජන්සියේ අන්තර්ජාල මෙහෙයුම් හා එවැනි වෙනත් ක‍්‍රියාකාරීත්වයන් නිදහස් පණතෙන් සීමා නොකෙරේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p