ගුරුවරියගේ කැබ් රථයට හමුදා සෙබළා බිලි

May 18, 2015

පාසල් ගුරුවරියක විසින් පැදවූ කැබ් රථයක ත්‍රී රෝද රථයක් ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යුධ හමුදා සෙබළෙකු මිය ගොස් ඇති බව සාලියවැව පොලීසිය කියයි.

ඊයේ (17)සවස 5.00 ට පමණ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 16 කණුව (අළුත්ගම) ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ කොට්ටුකච්චිය – ඇතුන්ගොඩ පදිංචිව සිටි ජී.ඒ.නිශාන්ත ලක්මාල් (අවු:25) නම්වූ අයෙකි.

ඔහු නොච්චියාගම – හැළබෑව ප්‍රදේශ‍යේ පිහිටි යුධ හමුදා කදවුරකට අනියුක්තව සේවය කරමින් සිට ඇත.
අනතුරට පත්ව ඇති ත්‍රී රෝද රථය පදවා ඇත්තේ යුධ හමුදා සෙබළා විසින් වන අතර ඔහු කොට්ටුකච්චිය ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සිට රාජකාරි කරන හමුදා කඳවුර වෙත ගමන් කරමින් සිට ඇති බව පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී අනුරාධපුරය දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ කැබ් රථයේ ත්‍රී රෝද රථය මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර මිය ගොස් ඇත.

අනතුරට සම්බන්ධ කැබ් රථය පැදවූ බව කියන පාසල් ගුරුවරියව සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p