බලය බෙදීමක්‌ එපා වෙනම රාජ්‍යයක්‌ ඕනෑ!

May 7, 2015

බලය බෙදීමක්‌ අවශ්‍ය නැති බවත් දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක්‌ අවශ්‍ය බවත් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යාපනයේදී ප්‍රකාශ කර ඇත.

ලබන මැතිවරණයේදී ස්‌වාධීනව තරග වදින අතර ද්‍රවිඩ සන්ධානයට එක්‌වන්නේ නැතැයි ද ඔහු තවදුරටත් පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් සහ සිංහල ජාතිකයන් යනුවෙන් රටවල් දෙකක්‌ පිළිගත යුතු බවත් මෙරට දෙමළ ජනතාවට ස්‌වාධීන දේශයක්‌ පිහිටුවීම තම පක්‍ෂයේ ඉලක්‌කය බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති කිසි විටෙකත් ජය ලබන්නේ නැතැයි ද පොන්නම්බලම් තවදුරටත් සඳහන් කර තිබේ.

– Divaina

Sammy

Previous story Next story

Leave a comment

t

o

p