පර්යේෂණ මට්ටමේ පිළිකා ඔසුවකින් හෙපටයිටිස් බී සම්පූර්ණයෙන් නැසිය හැකියි

May 3, 2015

පර්යේෂණ මට්ටමේ පවතින පිළිකා ඔසුවකින් හෙපටයිටිස් බී වයිරසය සම්පූර්ණයෙන් පරාජයට පත්කළ හැකි බව  ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

ඕස්ටේ‍්‍රලියාවේ පැරණිතම වෛද්‍ය පර්යේෂණ ආයතනය වන මෙල්බර්න් නුවර වෝල්ටර් හා එලිසා හෝල් ආයතනයේදී සිදුකර ඇති මෙම පර්යේෂණයේ කණ්ඩායම් ප‍්‍රධානි මාක් පෙලෙග‍්‍රිනි පවසා ඇත්තේ මීයන් භාවිතයෙන් සිදුකළ පර්යේෂණ සියගණනක් 100%ක සාර්ථකත්වයක් දක්වා ඇති බවයි.

ඇමරිකානු නිෂ්පාදිත බිරිනාපන්ට් නම් මෙම ඖෂධය විසින් යහපත් ෙසෙල විනාශ නොකර හෙපටයිටිස් බී ආසාදිත ෙසෙල විනාශ කරන අතර මේ වන විට භාවිතයේ පවතින වෛරස් නාශක ඖෂධයක් වන එන්ටෙකැවිර් හා එක්ව භාවිතා කළ විට ආසාදිත ෙසෙල නසන වේගය දෙගුණයකින් ඉහළ යෑම විශේෂත්වයකි.

මේ වන විට මෙල්බර්න්, පර්ත් හා ඇඩිලේඞ් නගරයන්හිදී රෝගීන් යොදාගෙන සිදුකරන පරීක්‍ෂණද සාර්ථක වනු ඇතැයි පෙලෙග‍්‍රිනි විශ්වාසය පළ කර තිබේ.

උප සහරානු අප‍්‍රිකාව හා ආසියාව තුළ හෙපටයිටිස් බී ආසාදිතයින් මිලියන 350ක් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙම වෛරසය මගින් අක්මාව හා වකුගඩු අකර්මණ්‍ය කරන අතර ඒ සඳහා හැකියාව ඇති රෝගීන්ට ජීවිත කාලය පුරා ප‍්‍රතිජීවක ඖෂධ ලබාගැනීම හෝ ඉන්ද්‍රිය බද්ධ කිරීම සිදුකළ යුතුවේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p