නිර්මාල් දේවසිරිට පහර දීම හෙළා දකිනවා…

May 2, 2015

නිර්මාල් රංජිත් දේවසිරි මහතාට පහරදීම දේශපාලන වශයෙන් අනාථවීමේ වියරුවක් බව ජාතික හෙළ අරුමය පවසයි.

එම පක්‍ෂ ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී විශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුක් කතර ඇති නිවෙද්නය මෙසේය.

කිරුළපන ලලිත් ඇතුලත් මුදලි කී‍්‍රඩාංගනයේ පැවති මැයි දින රැළිය අසළ දී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති එමෙන්ම මාදුඵවාවේ සෝභිත හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් යුතු සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධානියෙකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට පහරදී ඇත. ශාරීරිකව සිදුකරන ලද එම පහරදීම අපි පිළිකුලෙන් හෙළා දකින්නෙමු. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමග ජාතික හෙළ උරුමයටත් සිංහල බෞද්ධ බලවේග වලටත් මූලාරම්භයේ සිටම විවිධ මතවාදී ගැටුම් පැවතිණි. එම මත ගැටුම් කොතෙකුත් වාද විවාද සම්මන්ත‍්‍රණ ඔස්සේ කලඑළි දැක්වී ඇත. ජාතික හෙළ උරුමය සැම විටම විශ්වාස කරන්නේ එම මතවාදී වෙනස්කම් හා මතවාදී පරස්පරතා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සහ සංවාදයන් තුළින් විසඳාගත යුතු බවයි. එසේ නොමැතිව විරුද්ධමතධාරීන්ට ශාරීරිකව පහරදීම අඩම්තේට්ටම් කිරීම අප කිසිසේත් අනුමත නොකරන්නෙමු. එය සිංහල බෞද්ධ සංවාද පිළිවෙතට ද අනුකූල නොවේ.

ඒ අනුව ඔහුගේ මතවාද අප නොඉවසුවත් කිසිසේත් නොපිළිගත්තත් ඔහුට ශාරීරික වශයෙන් කරන ලද පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දැකීමට එය බාධාවක් කර නොගන්නෙමු’ වැඩකරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටි පුද්ගලයෙකු වන නිර්මාල් රංජිත් දේවසිරි මහතා වෘත්තිය සමිති නායකයෙකු ද වේ’ ඔහුට ජාත්‍යන්තර කම්කරු දිනයකදී ඒ වෙනුවෙන් පැවති රැළියකදීම පහරදීම කණගාටුවට කරුණකි’ මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයන්ට හා බලවේග වලට අපගේ දැඩි පිළිකුල හා අප‍්‍රසාදය පළකර සිටින්නෙමු’

මෙම පහරද්ම මගින් තව දුරටත් පැහැදිලිවන්නේ අවස්ථාවාදී බලවේග කිහිපයක් විසින් හුදු පටුදේශපාලන වාසි තකා සිදුකරගෙන යන මෙම කි‍්‍රයාවලිය මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පමණක් නොව සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට ද හානියක් හා අපකීර්තියක් ද වනබවය’ මෙම පහරදීමට සම්බන්ධ සියලූදෙනාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බව අප අවධාරණය කරමු’

නිශාන්ත ශි‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්

Sammy

Previous story Next story

Leave a comment

t

o

p