පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය රාජගිරිය බණ්ඩාරනායකපුර ක්‍රීඩාංගනයේ දී පවත්වන ලදී.මේ සදහා සහභාගී වු පෙරටුගාමී පක්ශයේ ක්‍රියාකාරීන් මෑයි දින රැලිය අමතමින් මෙසේ අදහස් දෑක්වීය……
සේනාධීර ගුණතිලක ( ප්‍රධාන ලේකම් – පෙරටුගාමී සමාජවාදී පක්ෂය )
කම්කරු දිනය කියලා කියන්නේ අපි හැම දෙනාටම ඉතාම විශේෂ වැදගත් දවසක්. ඒ දවසට අද අත්වෙලා තියෙන ඉරණම අපි හැමෝම දන්නවා. මැයි දිනය කියන සාකච්ඡාව ඇතුලේ විවිධ තැන්වල විවිධ දේශපාලන පක්ෂ මේ දවස අමුතු විජ්ජාවක් බවට පත්කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය අද ශ්‍රම බලයට කොළ එළියක් කියලා කියනවා. එහෙම තමයි ඔවුන් අපේ රටේ කම්කරු ජනතාවට ආමන්ත්‍රණය කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා කාර්මික සාමය වෙනුවෙන්, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔවුන්ගේ මැයි දිනයට එන්න කියලා. වමට යනවා සමාජවාදයට යනවා කියලා සාකච්ඡා කරන ගමන් ධනවාදය තවත් හැඩ කරන දේශපාලනයක් කරන ජවිපෙ නවීන සමාජවාදය හදන්න බීආර්සී පිට්ටනියට එන්න කියලා කම්කරුවන්ට කියනවා.
මෙහෙම අද එක එක විදිහට සැමරෙන දවස ඇති වූයේ අහම්බයකින් නෙමෙයි. ඒකට විශාල ඉතිහාසයක් තියෙනවා. ලෝකයේ ධනවාදය බිහිවෙච්ච දවසේ ඉදල වැඩි වැඩියෙන් වැඩ කරන්න කම්කරුවන්ට බල කෙරුණා. පැය දොලහ දහසය වැඩ කරන්න කම්කරුවන්ට සිද්ධ වෙලා තිබ්බා. එහෙම තියෙද්දී තමයි කම්කරුවන් අපිට වැඩ කරන්න පුලුවන් පැය අටයි කියලා කීවේ. ඒකට කම්කරුවෝ අරගල කළා. ඒ අරගලය සංකේතවත් කරන දවස තමයි මැයි දිනය. ඒ හන්දා මේක කානිවල් දාන දවසක් නෙමෙයි. මේක අරගලයේ දවසක්. නිදහස වෙනුවෙන් කම්කරුවන් සංවිධානය කෙරෙන දවසක්. ඒ හන්දා ඒ අර්ථය කම්කරු දිනයට අපි ආපහු දෙන්න ඕනේ. කම්කරු දිනයේ මුල් අරමුණුවලට මේ දවස ගෙනියන එකයි අපේ අභියෝගය.
මේ සාකච්ඡාව අපි අද ගන්නේ බොහොම දුෂ්කර වෙලාවක. ජනතා විමුක්ති පෙරමුණෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි වෙන්වෙලා මේ දේශපාලන ගමන පටන් ගත්තා. මේ විදිහෙම දෙයක් අපි 60 ගණන්වලත් දැක්කා. ලංකාවේ පරණ වාමාංශය පටන් ගත්ත අරමුණුවලින් වියෝ වෙලා සභාගවාදයට මුට්ට කාසි දේශපාලනයට ගිහින් තිබුණු වෙලාවක අලුත් ගමනක් පටන් ගමු කියලා 60 ගණන්වල රෝහණ විජේවීර සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ පටන් ගත්තා. අදත් උදා වෙලා තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. මේක බොහොම දුෂ්කර වෙලාවක්. විවිධ මතවාද අස්සේ විවිධ සංවිධාන අස්සේ විවිධ පරාජයන් අස්සේ පලයං පලයං ආපස්සට පලංය කියලා බල කිරීමක් එන වෙලාවක් මේක. අරගල වලින් පැනල යන මතවාදයක් අපිට අරන් එනවා. ඒ මතවාදය ඉස්සරහා පහුබහින්නේ නැතිව ඒ අභියෝගය භාරගෙන ඒ අභියෝගය ජයගන්න පුලුවන් පක්ෂයක් අපි ගොඩනගමින් ඉන්නවා. ඒක පහසු නැහැ. ඒත් අපිට ඒක කරන්න වෙලා තියෙනවා.
මැතිවරණයෙන් පස්සේ අලුත් දේශපාලන පසුබිමක් දැන් හැදිලා තියෙනවා. අපි හිතනවා අපේ ගමන අපිට යන්න වෙන්නේ මර්දනය මැද්දෙන්. ඒ මර්දනය මැද්දෙන් යන එක පහසු නැහැ. හැබැයි ඒ අභියෝගය භාරගන්නපුලුවන් මිනිස්සුන්ගෙන් සමන්විත පක්ෂයක් හදන එක ඒ ගමන යන එකේ පලමු පියවර. අපි අද මේ මුල පුරලා ඉන්නේ ඒ කටයුත්තට. බොහෝ දේවල් පටන් ගන්න වෙලා තියෙන්නේ මුල ඉදන් තමයි. අපි ඒ වෙනුවෙන් හඩක් අවදි කරන්න සූදානම් හැමකෙනෙක්ගෙන්ම ඉල්ලනවා කම්කරු දිනයේ මූලික අරමුණ වෙනුවෙන් නැවත සාකච්ඡාව පටන් ගන්න අපි ආපහු හැරෙමු කියලා. එදා කම්කරුවෝ පැය 8 ක් ඉල්ලුවා. දැන් අපි ඉතාම කැමැත්තෙන් පැය ගණන වැඩි කරලා වැඩි කරලා ඉල්ලනවා. මොකද ධනවාදය කියනවා වැඩ කරපං වැඩ කරපං ඒක ඇතුලෙයි උඹට ජීවිතය තියෙන්නේ කියලා. මෙන්න මේ මතවාදය ආපස්සට පරද්දන්න අවශ්‍යයයි. ඒ හන්දයි අපි සරල අපි හැමෝටම තේරෙන සටන් පාඨයක් එක්ක මේ මැයි දිනය සංවිධානය කලේ. සතුට නෑ නිදහස නෑ වැටුප් නෑ ජීවිතය නෑ කියලා. ඒ වෙනුවෙන් අපි අරගල කරන්න ඕනේ. ඒ අරගලය කරන්න ඕනේ කැම්බල පිටියේ වත් බීආර්සී පිටියේවත් නෙමේ වාමාංශික අරගලයක් ඇතුලේ. ඒ අරගලයේ අභියෝගය අපි භාර ගන්න ඕනෑ.
පුබුදු ජයගොඩ ( ප්‍රචාරක ලේකම් – පෙරටුගාමී සමාජවාදී පක්ෂය )
අද කොළඹ නගරය පුරා දුසිම් දෙකක විතර රැස්වීම් තියෙනවා. ඒ හැම එකකම කම්කරුවො පීඩිතයෝ ගැන කථා පවත්වනවා. බොරැල්ල පහු කරන් එද්දී එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ බැනර්වල රතු පාට අතක් ඇදලා ඒ අතේ කොල පාට අලියෙක් ඇදලා තිබ්බා. අපි අද කම්කරුවා ගැන ගොවියා ගැන කථා කරන්නේ නිකම්ම නිකම් පුරුද්දට හැමෝම කරන හින්දා නෙමෙයි. මැයි දිනය වෙනුවෙන් උත්සවයක් තියලා ඒ වෙනුවෙන් බාල් නටලා සතුටු වෙලා යන්න නෙමෙයි අපි ආවේ. හමෝම කොළඹ මොකක් හරි රැස්වීමක් තියන හන්දා රැස්වීමක් තියන්න නෙමෙයි අපි ආවේ. අපේ ජීවිතවලට ඇත්තටම නිදහස අත් පත් කරගන්නේ කොහොමද සතුට අත්පත් කරගන්නේ කොහොමද ජීවිතය අත්පත් කරගන්නේ කොහොමද කියන සාකච්ඡාව කරගන්නයි අපි ආවේ.
වසර දහස් ගණනක් තිස්සේ අපි පීඩාවක් විදිමින් ඉන්නවා. වසර දහස් ගණනක් තිස්සේ අපි මේ විදින පීඩාව අපි ඉවර කරගන්නේ කොහොමද? මීට සති කිහිපයක කලින් මාධ්‍ය හැම එකකම වාර්තා වුනා දියලුම දිය ඇල්ලෙන් තරුන යුවලක් පැනලා සියදිවි නසා ගත්ත එක ගැන. වසර අවුරුදු දහසයක තරුනියක් සහ වයස අවුරුදු දහ නමයක තරුනයෙක් ඔවුන්ගේ ප්‍රේමයට බාධා වෙනවා කියලා සිය දිවි නසාගත්තා. මේ තරුනයා දෙමල ජාතික තරුනයෙක්. තරුනිය සිංහල තරුනියක්. ඔවුන් දියලුම දිය ඇල්ලෙන් පනිනකොට ඌවේ ජනතාව අතර දියලුම දිය ඇල්ල ගැන ජනප්‍රවාදයක් තියෙනවා. ඒ එක ජනප්‍රවාදයක තියෙන විදිහට එක්තරා කාලයක ක්‍රිස්තු පූර්ව පස්වන සියවසට කලින් පහතරට ප්‍රදේශයක ඉන්න එක ගෝත්‍රික කුමාරයෙක් ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන තිබෙනවා වෙනත් ගෝත්‍රයක තරුනියක් සමග.ඉන්පසු ඔවුන්ව ගෝත්‍රවලින් පිටමං කරලා තියෙනවා. මේ යුවල ඊට පස්සේ අද දියලුම තියෙන තැන පහුකරගෙන යන්න පටන් ගෙන තියෙනවා. ඒ කාලයේ එතැන දියලුම දිය ඇල්ල තිබිලා නැහැ. ඒ දුර්ගය පහු කරන්න උත්සාහ කරද්දී මේ දෙදෙනා මිය ගිහින් තිබෙනවා. මේ මිය යාම දැකපු දෙවියෝ අණ කරාලු සොබාදහමට ලෝකය අවසාන වෙනකම් අඩන්න කියලා. එහෙමලු දියලුම ඇල්ල හැදුණේ. ආදරයට බාධා කරන සමාජයක් තමයි ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ තිබ්බේ. අද ක්‍රිස්තු වර්ෂ 2015 දීත් අපි ඒ ගැන කථා කරනවා. අපි අපේක්ෂා කරන ඇත්ත ලෝකය තමයි මිනිස් සම්බන්ධතා සුපුෂ්පිත වෙන ලෝකයක්. ඒක හදන්න පුලුවන් කම්කරු පංතියට කියලා අපි විශ්වාස කරන හන්දයි අපි අද මේ විදිහට මෙතැනට ආවේ.
ලෙනින් රුසියාවේ විප්ලවය කරන්න සූදානම් වෙද්දී කෘති තුනක් ලීවා. එකක් රුසියාවේ ධනවාදී සංවර්ධනයේ ඉතිහාසය. අනෙක කල යුත්තේ කුමක්ද? අනිත් එක පටන් ගත යුත්තේ කොතැනින්ද? මේක අපිට ගෙඩි පිටින් ලංකාවට බස්සන්න බැහැ. ඒත් එදා ලෙනින් හිතපු දෙයින් අපිට යම් අදහසක් ගන්න පුලුවන්. ලංකාවේ ධනවාදය අද කොතැනද තියෙන්නෙ? කොතැනටද යමින් තිබෙන්නේ? අපි කරන්න ඕනෙ මොකක්ද? ඒක පටන් ගන්නේ කොතැනින්ද?
දැන් ලංකාවේ වෙනසක් වෙලා තියෙනවා. යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍යය වගේ කථා කියලා මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තා. මහින්ද රාජපක්ෂ තමා වටේ ඉන්න හෙයිචයියෝ පිරිසකට සියලු වරප්‍රසාද අත්පත් කරගනිමින් ගෙන ගිය පාලනය ඉවර කරලා වෙනසක් අවශ්‍යයයි කියලා ජනතාව ගෙනල්ලා තියෙනවා සිරිසේන වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව. අනිත් පොඩි පොඩි පක්ෂ ජාතික විධායක සභාව කියල කූඩාරමක් හදලා ඒකට රිංගලා තියෙනවා. දැන් පොරොන්දු වූ දේ සහ වෙන දේ අතර වෙනස මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදය ගැන පොරොන්දු දෙද්දී අපි කීවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය විසදන්න බෑ ආර්ථික ප්‍රශ්නය විසදනේනේ නැතිව කියලා. අපි එදා කීවේ ලංකාවේ ඒකාධිපතීත්වය ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය එක්ක බැදිලා තියෙනවා කියලා. මේක කියද්දී සමහරු කියයි ඔයාලා ඔය කියන්නේ පරණ කථාව කියලා. ධනවාදය කියන්නේ පරණ කථාවලු. 19 වන සංශෝධනය යහපාලනය වගේ අලුත් සංකල්ප ගැන කියන්නලු. ඒත් වෙන්නෙ පරණ එකම නම් අපිට කියන්න වෙන්නේ ඒ කථාව තමයි. පසුගිය දවස්වල වාර්තා වලින් කියැවුනා ආර්ථික අසමානතාවය අතින් ඇමරිකා එක්සත් ජනපදය ඉන්නේ 1929 ටත් පිටිපස්සේ කියලා. ඉතින් පරණ විදිහටම නම් ආර්ථිකය සමාජය යන්නේ අපිට ඒ ගැන කථා කරන්න සිද්ධ වෙනවා. ආර්ථිකයේදී කරන්නේ මිනිසුන්ගේ අයිතීන් අහිමි කීරීම නම් පහල පංතීන් සූරාකෑම නම් අසමානතාවය වැඩි කිරීම නම් ඒකට විරුද්ධව මිනිස්සු නැගිටිද්දී මර්දනය ගේන්න වෙනවා. ආර්ථික ප්‍රතිපත්තිය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරන එක නම් ශිෂ්‍යයයන් ඒකට විරුද්ධ වෙන කොට ශිෂ්‍යයන්ට ගහන්න වෙනවා. මේක අපි ජනාධිපතිවරණ කාලේ දී කීවා. ඉතින් ගැහුවා. මාර්තු 31 වෙනදි විශ්ව විද්‍යාල ශිෂ්‍යෙයා පාසල්වල ගාස්තු අය කිරීමට විරුද්ධව පෞද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහිව කරපු උද්ඝෝෂණයට කොල්ලුපිටියේ දී ගැහුවා. ශාස්ත්‍රීය විෂයන් කප්පාදුවට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය කරපු උද්ගෝෂනයට ඊට මාසෙකට පස්සේ ගැහුවා. ඒ අය ඉල්ලුවේ මොකක්ද? වෙලදපොලට ඕනෙ විදිහට විෂයන් කප්පාදු නොකර ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා දෙන්න කියලා. ඉතින් ඒ ප්‍රතිපත්තිය ඉස්සරහය ගෙනියද්දී මර්දනය කරන්න වෙනවා.
දැන් අත්අඩංගුවේ පුද්ගලයෙක්ව තියාගන්න පුලුවන් කාලය පැය 24 ඉදලා 48 ට වැඩි කරපු නීතිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙනාවා. පහුගිය දවසක මේ ආණ්ඩුව ඒ නීතිය තව දීර්ඝ කළා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථාවක් නැහැ. රාජපක්ෂ ආණ්ඩුව මේ නීතිය ගෙනාව වෙලාවේ ඒකට විරුද්ධ වෙච්ච අයම තමයි දැන් මේ නීතිය දීර්ඝ කළේ. යහපාලය ගැන කියන්න ඕනෑ තරම් උදාහරණ තියෙනවා. මහබැංකු බැදුම්කර වංචාව ඒකට හොදම උදාහරණය. අර්ජුන් මහේන්ද්‍රන්වෙ සිංගප්පූරුවේ ඉදල ලංකාවට ගෙන්වලා පැය 24 න් පුරවැසිකම දුන්නා. තමන්ට අකමැති අයට එහෙම පුරවැසිකම දෙන්නෙ නැහැ. මෙයා රනිල් වික්‍රමසිංහගේ යාලුවා. 2002 අගමැති උනාම ආයොජන මණ්ඩලයේ සභාපතිකම දුන්නා. දැන් මේ පාර අගමැති උනාම මහ බැංකුවේ අධිපති කළා. මේ යාලුවාගේ හොරකම ගැන හොයන්න තමන්ගේ යාලුවො තුන්දෙනෙක්ගේ කමිටුවක් පත් කළා.ඒ යාලුවෝ තුන් දෙනා කියනවා අපේ යාලුවාගේ යාලුවා හොරෙක් නෙමේ කියලා. තමන්ගේ බෑණාගේ සමාගමකට අඩු පොලියට බැදුම්කර දීලයි මේ තියෙන්නේ. අපිට කියනවා මේක ගැන සැක හිතන්න එපාලු. ඒ උනාට අපිට සැක හිතෙනවා. මේක තමයි මේ යහපාලනය.
ඔය යහපාලනය කියන සංකල්පය ලෝකයට ඉදිරිපත් කළේම ලෝක බැංකුව. අප්‍රිකානු කලාපයේ දිලිදු රටවල් වලට ලෝක බැංකුව ණය දෙන කොට ඒ රටවල දූෂිත ආණ්ඩු ඒ සල්ලි තමන්ගේ වැඩ වලට පාවිච්චි කරද්දී ධනවාදයට යන්න බැහැ. ඒ හින්දා ඒ සල්ලි පාවිච්චි කරන විදිහ හදාගන්න ඔය සංකල්පය දැම්මේ. මේ දවස්වල අර ගෙවන වාට්ටුවේ ඉන්න එක්කෙනා සීයට දහයේ කොමිස් ඉල්ලද්දී ආයෝජකයින්ට කැමති විදිහට ආයෝජනය කරන්න බැහැ. ඒ විදිහට ක්‍රමයට යන්න බැහැ. ඒ හින්දා දැන් මේ කියන්නේ මොකක්ද? ඇති තරම් සූරාගෙන කන්න. ඒ සූරාගෙන කන සල්ලි වලින් පුද්ගලිකව සල්ලි හොරකම් කරන්න එපා පංතියක් විදිහට ධනපති පංතිය ඒ ලාභය ගන්න. මේකයි මේ කියන්නේ. මේකෙන් ඇත්තටම වෙන්නේ මොකක්ද? රාජ්‍යය තවත් ශක්තිමත් වෙන එක. ඡන්දෙට කලින් කීවේ පුරවැසියා ශක්තිමත් කරනවා කියලා. දැන් කරන්නේ රාජ්‍යය ශක්තිමත් කරන එක.
දැන් නීතියේ ආධිපත්‍යයක් කියලා එකක් කථා කරනවා. මොකක්ද මේ කියන්නේ. එයාලා නීති හදනවා. අපිට කියනවා ඒවට අනුව ඉන්න කියලා. අපි කියනවා නෑ අපි අසාධාරණ නීති කඩනවා. කම්කරුවට ශිෂ්‍යයට ගොවියට වැට බදින නීති අපි කඩනවා. මොකද අපිට නීතියයි යුක්තියයි එකක් නෙමෙයි දෙකක්. අපි පිලිගන්නේ සමාජ යහපැවැත්මට හේතුවෙන නීති පමණයි.
පහුගිය දවස්වල 19 වන සංශෝධනය ගෙනාවා. දැන් ඒකෙ පොඩි හොදක් තියෙනවා. යකාගෙ දත් දෙකක් ගැලෙව්වා. කලින් දත් තිස් දෙකක් තිබ්බා. දැන් දෙකක් ගැලෙව්වා. දැන් ඒක හොදයි කියලා කියනවා. හැබැයි දත් දෙකක් ගලවලා ඒවා අයින් කරලා ඉතිරි දත්වලට සර්ප විෂ කවලා ඒවා තවත් උල් කරන්න යනවා 20 වන සංශෝධනය හරහා. මෙයාලා කලින් කීවා 19 න් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා එකෙන් ඇති වන අස්ථාවරත්වය නැති කරන්න ඡන්ද ක්‍රමය වෙනස් කරනවා කියලා. දැන් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරලාත් නැහැ. හැබැයි ඡන්ද ක්‍රමය වෙනස් කරනවා. මොකද මේ කරන්නේ ? රාජ්‍යය තවත් ශක්තිමත් කරන එක. මේ ශක්තිමත් කිරීම සදහා දැන් හැමෝම එකතු වෙලා. එක්සත් ජාතික පක්ෂෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙයි ජනතා විමුක්ති පෙරමුණයි හෙල උරුමයයි හැමෝම. මුලින් එක්ස්ත ජාතික පක්ෂෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙයි එකට එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදාගෙන ඉන්නවා. දෙගොල්ලම එකට ආණ්ඩු කරනවා. ඒ හන්දා මේක ඇතුලේ තවදුරටත් ඉන්න බෑ ප්‍රගතශීලී ධනපති පංතිය කියල එකක්. ධනපති පංතියෙ ප්‍රගතශීලී කොටස ගැන කියපු කථාව අදාල නැහැ. සභාගවාදයට යන්න හැමදාම හදාගත්ත කථාව ඕක. අපි කියනවා ඒක දැන ඉවරයි. ධනපති පංතියේ ප්‍රගතශීලී කෑල්ල කියල එකක් නැහැ. ඒ කථාව ඉවරයි. ඒ හන්දා ධනවාදය එහෙම්මම තියෙද්දී ප්‍රතිසංස්කරණ දිනාගන්නවා කියන කථාව දැන් බොරුවක්. ප්‍රතිසංස්කරණ දිනාගන්නවා නම් දිනාගන්න පුලුවන් එකම විදිහයි තියෙන්නේ. වැඩ කරන ජනතාව විදිහට අපිට එකතු වෙලා යකාව මරන එක බැරි නම් යකාගෙ හතර හන්දි හරි කඩලා දේවල් දිනාගන්න ඕනෙ. එහෙම නැතිව යකාගේ දතක් දෙකක් ගලෝලා විශාල දෙයක් උනා කියලා එයාලා කියද්දී ඒකට තවදුරටත් ජනතාව රවට්ටන්න ඉඩ දෙන්න බැහැ.
පාලකයෝ දැන් හදනවා යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය අරක මේක කියලා මේ ක්‍රමය දිගටම පවත්වගෙන යන්න. ලිබරල් බුද්ධිමතුන් කියලා ජාතියක් ඉන්නවා මේ ක්‍රමය එපා වෙලා තියෙද්දී මොනවා හරි කරලා නැවත ධනපති පංතියට ජනතාව ගැටගහන එක තමයි මේ අය කරන්නේ. ධනවාදය ඇතුලේ අද මිනිස්සුන්ට ජීවිතය නැති වෙලා. වැඩ කරන ජනතාවට ජීවිතය නැති වෙලා. මිනිස්සු සත්තු බවට පත්කරනවා. මෙන්න මේ ක්‍රමය දිගටම ගැටගහගෙන යන්න තමයි පාලකයෝ එක එක දහං ගැට ගහන්නේ. අපි කියනවා අපිට සත්තු වෙන්න බැහැ. අද මෙතැන එකතු වෙලා ඉන්නේ මිනිස්සු සත්තු නොවිය යුතුයි කියලා විශ්වාස කරන මිනිස්සු. මුල පුරන්නෝ විශාල පිරිසක් ඕනෑ නැහැ. අපි හිතනවා මෙතැන එකතු වෙලා ඉන්නේ ඒ මුල පුරන්නෝ. ඒ සදහා කම්කරු පංතිය නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත ජනතාව ඒකරාශී කරගැනීම අපි ඉදිරියට කළ යුතුව තිබෙනවා.
ලන පසුබිමක් දැන් හැදිලා තියෙනවා. අපි හිතනවා අපේ ගමන අපිට යන්න වෙන්නේ මර්දනය මැද්දෙන්. ඒ මර්දනය මැද්දෙන් යන එක පහසු නැහැ. හැබැයි ඒ අභියෝගය භාරගන්නපුලුවන් මිනිස්සුන්ගෙන් සමන්විත පක්ෂයක් හදන එක ඒ ගමන යන එකේ පලමු පියවර. අපි අද මේ මුල පුරලා ඉන්නේ ඒ කටයුත්තට. බොහෝ දේවල් පටන් ගන්න වෙලා තියෙන්නේ මුල ඉදන් තමයි. අපි ඒ වෙනුවෙන් හඩක් අවදි කරන්න සූදානම් හැමකෙනෙක්ගෙන්ම ඉල්ලනවා කම්කරු දිනයේ මූලික අරමුණ වෙනුවෙන් නැවත සාකච්ඡාව පටන් ගන්න අපි ආපහු හැරෙමු කියලා. එදා කම්කරුවෝ පැය 8 ක් ඉල්ලුවා. දැන් අපි ඉතාම කැමැත්තෙන් පැය ගණන වැඩි කරලා වැඩි කරලා ඉල්ලනවා. මොකද ධනවාදය කියනවා වැඩ කරපං වැඩ කරපං ඒක ඇතුලෙයි උඹට ජීවිතය තියෙන්නේ කියලා. මෙන්න මේ මතවාදය ආපස්සට පරද්දන්න අවශ්‍යයයි. ඒ හන්දයි අපි සරල අපි හැමෝටම තේරෙන සටන් පාඨයක් එක්ක මේ මැයි දිනය සංවිධානය කලේ. සතුට නෑ නිදහස නෑ වැටුප් නෑ ජීවිතය නෑ කියලා. ඒ වෙනුවෙන් අපි අරගල කරන්න ඕනේ. ඒ අරගලය කරන්න ඕනේ කැම්බල පිටියේ වත් බීආර්සී පිටියේවත් නෙමේ වාමාංශික අරගලයක් ඇතුලේ. ඒ අරගලයේ අභියෝගය අපි භාර ගන්න ඕනෑ.
චමීර කොස්වත්ත ( සංවිධායක ලේකම් – කම්කරු අරගල මධ්‍යස්ථානය )
මාධ්‍යයයි ආණ්ඩුවයි පොලිසියේ මහත්වරුයි කියනවා අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ජනතාවට අද කොළඹ නගරයට එන්න එපා කියලා. පොලිසිය මේ රටේ සාමාන්‍ය ජනතාවට පහුගිය දවස් කීපයේම විශේෂ නිවේදනයක් දාලා කීවා අත්‍යවශ්‍ය කටයුත්තකට හැර කොළඹට එන්න එපා කියලා. මොකද මැයි රැලි 18 ක් තියෙනවා ඒ හන්දා කොළඹ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් හදලාලු. ඒ ගොල්ල කියන විදිහට දැන් හැමෝම පිට්ටනි වෙන් කරගෙන මැයි රැලි පවත්වනවා. අපි සාකච්ඡාව පටන් ගන්න ඕනෑ මෙතැනින්. මේ කොළඹ නගරයේ මහා ගොඩනැගිලි ඉදිවෙලා තියෙද්දී මේ තාප්පවලට එහා පැත්තේ වතුවල කැබලි කැබලි වෙච්ච ජීවිත තියෙනවා. උදේ නැගිට්ටට පස්සේ අද ජීවත් වෙන්නේ කොහොමද කාටද කඹුරන්නේ කාගේ පොකට් එකටද ගහන්නේ කොහොමද ජීවිතේ ගැටගහගන්නේ කියලා හිතන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ කථාව සම්මත කථාවෙන් එලියට ඇදලා දාලා තියෙන්නේ. මේ කම්කරු දින කථාව අද සීමා වෙලා තියෙන්නේ කාටද? රාජ්‍ය සේවකයෝ කීප දෙනෙක්ටයි දේශපාලනයට උනන්දු කීප දෙනෙක්ටයි. ඒ හන්දයි පොලිසිය කියන්නේ අද කොළඹ යන්න එපා කොළඹ වෙන කට්ටියකගේ වෙන වැඩක් තියෙනවා ඔයාලා නිකම් ගිහින් චාටර් වෙන්න එපා කියලා. කරපටිය දාගෙන ඉන්න මිනිස්සු හිතනවා අපි වැඩකරන මිනිස්සු නෙමෙයි. ඉතිහාසයේ යකඩ දම්වැල් වලින් දාපු විලංගු අද ධනපති පංතිය දාලා තියෙනව කම්කරුවාගේ කරට. ඒ තමයි කරපටිය. ජීවත් වෙන්නේ ශ්‍රමය වැය කරලා. ශ්‍රමය විකුණලා. සූරාකෑමේ වෙනසක් නැහැ. හැබැයි තත්වය පොඩ්ඩක් වෙනස්.
සම්මත මැයි දින සාකච්ඡාවට එපිටින් ඉන්න පීඩිතයින්ට වතු කම්කරුවන්ට අවිධිමත් කම්කරුවන්ට නාගරික පීඩිතයින්ට පඩි පාලක සභා නැහැ. පත්වීම් ලිපි නැහැ. අයිතිවාසිකම් නැහැ. පැය අටේ වැඩ මුරය නැහැ. හාම්පුතා එන්න කියන වෙලාවට එන්න ඕනෑ. දොට්ට දාන වෙලාවට යන්න ඕනෑ. අසංවිධිත කම්කරුවෝ ඉන්නවා. සංවිධානය වීමේ අවශ්‍යතාව තියෙනවා. ඒත් විදිහක් නෑ. වමේ ව්‍යාපාරය කියාගන්න උදවිය ඒ දිහා බලන්නේ නැහැ. මොකද මුට්ට කාසි එකතු කරන්න බැහැ. රාජ්‍ය අංශයේ ධනපති ආණ්ඩුව පඩියෙන් කපලා එකතු කරලා දෙනවා. ඒත් මේ අසංවිධිත කම්කරුවන්ගෙන් එහෙම කරන්න බැහැ. වාත්තීය අයිතිවාසිකම් නැති පැය අටක් ගැන අහලවත් නැති දෙන වැටුප අරගෙන යන්න සිද්ධ වෙලා තියෙන කම්කරුවෝ ඇති තරම් ඉන්නවා මේ රටේ. ඒ බොහෝ දෙනා මේ කියන කථඛාවෙන් එලියේ ඉන්නේ. දැන් මෑන්පවර් ඇවිල්ලා තියෙනවා. එදා කීවා කම්කරුවාට තියෙන්නේ තමන්ගේ ශ්‍රමය විතරයි. පැය අටකට හයි වේ එක හදන්න වැඩ කරන මෑන්පවර් කම්කරුවන්ට හයිවේ එක ටෙන්ඩර් ගත්ත කොම්පැනියෙන් 2400 ක් වෙන් කරද්දී මෑන් පවර් එක ඒක ඉතිරි කරගෙන 800 ක් කම්කරුවාට ගෙවනවා. සේවා කොන්දේසි නැහැ. අයිතිවාසිකම් නැහැ. ක්ලීනිං සර්විස්වල සෙක්‍යුරිටි පොයින්ට්වල වැඩ කරන කම්කරුවන්ට ජීවිතයක් නැහැ. එක දිගට වැඩ කරනවා. මේ කම්කරුවෝ ගැන කථාවක් නැහැ.
කම්කරුවාගේ පඩි වැඩි කරනවා කීවා. එහෙම කළේ මූලික වැටුප වැඩි කරන්න කියන ඉල්ලීම තියෙද්දී. මූලික වැටුප වැඩි කළේ නැහැ. ඒ වෙනුවෙන දීමනා එල්ලනවා කීවා. දැන් ඒකත් නැහැ. දින සියය ගෙවිලා ඉවරයි. දින සියය ගෙවිලා ඉවර වුනාට ඒ ගැන කථාවක් නැහැ. දැන් කම්කරුවාගේ පඩිය වැඩි කරන්න බැරි පාලකයෝ තමයි දැන් මේ යහපාලනය ගැන කථා කරන්නේ. මෑන් පවර් සටන ආවා. එතකොට මොකද කීවේ. ටෙලිකොම් මෑන්පවර් කම්කරුවෝ සටන් කළා. මෛත්‍රී පාලනය ආවාට පස්සේ ඒක වසදමු කීවා. දැන් ඒ ගැන කථාවක්වත් නැහැ. මේ ගැන ලිබරල් මහත්වරුන්ට වගේ වගක් නැහැ. හරි කැක්කුමයි අපි 19 ට අත ඉස්සුවේ නෑ කියලා. හැබැයි මේ කම්කරුවාගේ ප්‍රශ්නය කාටවත් ගානක් නෑ. දැන් ඒ ටෙලිකොම් කම්කරුවාට රස්සාත් නෑ.
අපි හැමදාම කම්කරුවාට කිවා වැටුප් වැඩි වෙන්න ඕනේ. හැබැයි වැටුප වැඩි වුනාට විතරක් වැඩක් නෑ. වැටුප වැඩි කලාට අනිත් පැත්තෙන් බදු ගහල උන් වැඩි වෙච්ච වැටුප උදුර ගන්නවා. එකතු වෙලා සටන් කරමු කියලයි අපි කීවේ. හැබැයි එකතු වෙලා සටන් කරන එකක් නැහැ. වෘත්තීය සමිති තමන්ගේ නම දිනවගන්න වෑයම් කරනවා. තමන්ට ලකුණු දාගන්න උත්සාහ කරනවා. ඒ හින්දා කම්කරුවන්ගේ සමගිය ඇති කරනවා වෙනුවට කම්කරුවන්ව භේද කරන්න වෘත්තීය සමිති වැඩ කරනවා.
ඒ හන්දා මේ ප්‍රශ්නය ජයගන්න එක තමයි අපේ අරමුණ. හැමෝම අමතක කරලා දාලා තියෙන අසංවිධිත ක්ෂේත්‍රෙය් කම්කරුවාව අපි සංවිධානය කරනවා. අවශ්‍ය නම් ධනපති නීතිය කඩලා උනත් අපි ඒකට මැදිහත් වෙනවා. ඒකට අපි ලෑස්තියි. අපිට ලොකු පිරිසක් නැති වෙන්න පුලුවන්. හැබැයි ඉන්නෙ දහදෙනාද අපි ඒක එතැනින් පටන් ගන්නවා. කඩාකප්පල් කරන අය බෙදන්න හදන අය මේ හැම එකකටම මුහුණ දීලා අපි ඒ වැඩේට මුල පුරනවා. සෞඛ්‍ය සේවක අරගලය වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ආණ්ඩුවේ වෘත්තීය සමිති බෙදන්න හදන කොට අපි ඒකට විරුද්ධව අරගල කරලා කම්කරුවෝ එකතු කරලා පෙන්නුවා. සටන් කිරීමෙන් තොරව ජයග්‍රහණය කරන්න බැහැ. එකතු වෙන් නැතිව සටන් දිනන්න බැහැ. එක සටනක්. එක මධ්‍යස්ථානයක්. ඒ සදහා අලුත් දේශපාලන වැඩපිලිවෙලක්. ඒක තමයි අපේ යෝජනාව. සම්මුතියේ දේශපාලනයට නැවතීමේ තිත තියමු. සටන් කරන වෙනස් කරන වමට හැරෙන අලුත් ගමනක් අපි පටන් ගමු. ඒ සදහා අරගල කරමු.
Leave a comment