උදයංග වීරතුංග මිග් ගනුදෙනුවට කෙළින්ම හවුල්‘

April 30, 2015

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා මිලට ගැනීමේ ගනුදෙනුවේ දී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ප්‍රශ්නකාරී ලෙස ඊට සෘජුවම සම්බන්ධ වීයැයි මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ (29) කියා සිටියේය.

2006 වසරේ දී මිග් ප්‍රහාරක යානා හතක් මිලට ගැනීමේ වංචාවක් සිදුවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තවත් වාර්තාවක් උසාවියට ඉදිරිපත් කළේය.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වීරතුංග එම මුදල් ශ්‍රී ලංකන් ලිමිටට් ලයබිලිටි නම් සමාගමක ආයෝජනය කළේ දැයි පරීක්ෂණ පවත්වන බව බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.

එම සමාගමේ බැංකු ගිනුම් තහනම් කරන ලෙස කොළඹ පෞද්ගලික බැංකුවකට මහේස්ත්‍රාත්වරයා (29) නියෝග කළේය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතාගේ පැමිණිල්ලක් අනුව එම පරීක්ෂණය ඇරැඹූ බව ද පොලිසිය කීවේය.

1980 දී හා 1983 දී නිශ්පාදිත මෙම මිග් යානා ඉහළ මිලකට ගැනීමේ දී මූල්‍ය අක්‍රමිකතා සිදුවීයැයි ඔහු ලිපි පෙළක්ම ලියා තිබූ බව ද පොලිසිය දැනුම් දුන්නේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p