ජැක්ලින්ගේ මිල ගණන්

April 30, 2015

ලන්ඩනයේ ඉහළ පෙළේ විවාහ මංගල්‍යයක නැටුමක් සඳහා ලාංකික බොලිවුඞ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට ආරාධනාවක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ සඳහා ඇය ඉල්ලා ඇති මුදල ඉන්දීය මුදල් රුපියල් කෝටි 4කි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජැක්ලින් ෆර්නැන්ඩස්ට එම මුදල ගෙවීම සඳහා එකඟත්වය ලැබී ඇති බව ය.

ඇයට එම මුදල ගෙවීමට නියමිතව ඇත්තේ, ලන්ඩන්හි ප‍්‍රබල ව්‍යාපාරිකයෙකුගේ පුතෙකුගේ විවාහ මංගල්‍යයක නර්තන අංග කිහිපයක් සඳහා ය.

එම විවාහ උත්සවය ලබන මස (මැයි* අවසානයේ පැවැත් වීමට නියමිත ය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දින 2ක කාලයක් සඳහා ජැක්ලින් එම විවාහ මංගල්‍යයට සහභාගි වීමට ලන්ඩනය බලා පිටත් වන අතර එම දින 2 ඇතුළත ඇයගේ නවාතැන් පහසුකම් මෙන් ම ගුවන් ගමන් වියදම් ද එම ව්‍යාපාරික පවුල දැරීමට නියමිත බව ය.

 

j4

Sammy

Previous story Next story

Leave a comment

t

o

p