අයියා නංගීව කෙලෙසයි..!

April 30, 2015

වයස අවුරුදු 09 ක් වන තම නැගණියව දුෂණය කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාදම්පේ පොලීසිය කියයි.අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 17 වැනි වියේ පසුවන අයෙකි.

අතවරයට ලක්ව ඇත්තේ හලාවත – කාක්කපල්ලිය,සියඹලාගස්වෙල පදිංචිව සිටි දැරියක වන අතර ඇය ප‍්‍රදේශ‍යේ පාසලක 04 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියි.

දැරිවියගේ මව රැුකියාවක් සදහා විදේශ ගත වී සිටින බැවින් ඇය තම පියා බාරයේ සිට ඇති අතර ‍පසුගිය ජනවාරි මාසයේ දිනක පියා නිවසේ නොමැති අවස්ථාවක සැකකාර සහෝදරයා විසින් තම නැගණියව දුෂණය කර ඇති බව දැනට කරන ලද විමර්ශන වලදී හෙළිවී ඇත.

පසුගිය දිනක සේවා කාලය අවසන් වී නිවසට පැමිණි තම මවට දැරිය මේ බව පවසා ඇති අතර පසුව ඇය විසින් මාදම්පේ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p