සමුද්‍ර මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්විය හැක්කේ ගෝලීය එකමුතුවෙන් පමණයි – අධිකරණ ඇමැති

April 20, 2015

සමුද්‍රයේ සිදු වන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අනෙකුත් අපරාධ වැළැක්විය හැක්කේ ගෝලීය ගම්මානයක වැසියන් වශයෙන් ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් වූ ඒකාබද්ධ වැඩපිළිවෙළක් මගින් පමණක් බව ද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඉන්දියානු සාගරයේ මත් ද්‍රව්‍ය ප්‍රවාහනය පාලනය සඳහා ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍ය සිය පාලනය යටතේ පවතින සමුද්‍ර කලාප තුළ නීති ක්‍රියාවට නැංවීම සිදු කර ඇති නමුදු තවමත් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා ඉන්දියානු සාගර කලාපය ක්ෂේම භූමියක් ව පවතින බව විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

 

එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය නිවාරණ සහ අපරාධ යුක්ති මණ්ඩලය විසින් එහි 13 වැනි ඉහළ මට්ටමේ සම්මේලනය අප්‍රේල් 13 වැනි දින සිට 17 වැනි දින දක්වා කටාර්හි දෝහා නගරයෙහි පැවති අතර එහි ආරාධිත දේශනය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

නීති ක්‍රියාවට නැංවීමේ ප්‍රමාණවත් නොමැති වීම තවමත් සමහර අපරාධ කණ්ඩායම් කිසිදු බාධාවක් රහිත ව සිය ක්‍රියාකාරකම් සිදු කරමින් සිටින අතර මේ නිසා නීති ක්‍රියාවට නැංවීමේ දී ඇති අඩුලුහුඬුකම් මඟ හරවා ගැනීම සඳහා ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් නීති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බව අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

සමුද්‍රය භාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳ ව ඇති තර්ජනය සැබෑ වූවක් මෙන් ම අවාසනාවන්ත ලෙස වේගයෙන් වැඩි වර්ධනයක් සිදු වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් අපරාධ කල්ලිවලට පවත්වා ගෙන යාම සඳහා ඉඩ නොදීමට අදාළ දැක්මක් සහ කැපවීමක් ශ්‍රී ලංකා රජය සතු ව ඇති බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p