ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් ජනතාවට අවුරුදු සුබ පැතුම් පණිවුඩ

April 14, 2015

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුවිශේෂී වන්නේ ජාති කුල භේදයකින් තොරව සියල්ලන්ට සාධාරණයක් ඉටු කිරීමට කැප වූ යහ පාලනයක් තුළින් රටේ සියලු ජන කොටස්වල සමගිය සාක්ෂාත් කිරීමට ගන්නා මහඟු පියවර මැද බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.

මෙයින් සුවිශේෂී වන්නේ, ජනතාව අතර සමගිය සමාදානය බෙදාහදා ගැනීම හා අන්‍යයන් සමග හොඳ හිත තහවුරු කර ගැනීම බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටින්නේ, සිංහල දෙමල අලුත් අවුරුද්ද මධ්‍යසාර භාවිතයෙන් තොරව පවුලේ සාමාජිකයින් සමග සතුටින් සමරන ලෙසය.අවුරුදු සංග්‍රහ ලයිස්තුවෙන් මධ්‍යසාර හා දුම්වැටි ඉවත් කරන ලෙසත් ජනාධිපතිතුමා ඉල්ලා සිටියි.

අග්‍රාමාතත්‍යවරයාගේ පණිවුඩය..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, අලුත් අවුරුද්ද යනු ජාතික සමගිය, සහෝදරත්වය, සමානාත්මතාව, සතුට සෞභාග්‍යය ඔප් නංවන ජාතික උත්සවයක් බවය.

නව දේශපාලන සංස්කෘතියකට පිවිසෙමින් වාර්ගික, ආගමික, පක්ෂ භේද පසෙකලා ලාංකීය සමාජය බලාපොරොත්තු සහගතව ඉදිරිය දකින මේ අවස්ථාවේ පීඩනයේ සහ මර්දනයේ හැඟීමෙන් තොරව අවුරුදු සමරන්නට ලැබීම අතිශය වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

විපක්ෂනායක පණිවුඩය..

මේ අතර විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ, මේ අවුරුදු සමයේ අර්ථය සියලු දෙනාට හොඳ හිත වර්ධනය කර ගැනීමට අවස්ථාවක් කරගත යුතු බව ය.

අනාදිමත් කාලයක් රැකගත් සහජීවනය, දේශපාලන හෝ වෙනයම් අපේක්ෂා වෙනුවෙන් බිඳ දැමීමට ඉඩදිය යුතු නැති බව ඔහු පෙන්වා දෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p