ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපළට යටින් තෙල් ඉල්ලමක්

April 14, 2015

ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපළට යටින් ඛනිජ තෙල් නිධියක් සොයාගැනීමට බි‍්‍රතාන්‍ය තෙල් සහ ගෑස් ආයෝජන සමාගම සමත්ව ඇතැයි වාර්තා වේ.

වර්ග සැතපුම් 55ක භූමි ප‍්‍රදේශයක් පුරා පැතිර ඇති මෙම නිධිය තුළ බොරතෙල් බැරල් බිලියන 158ක් පමණ ඇති බව තෙල් සහ ගෑස් ආයෝජන සමාගම පවසා තිබේ.

මේ අනුව මෙහි වටිනාකම ස්ටර්ලිං පවුම් බිලියන 300ක් පමණ වනු ඇති අතර මෙම නිධිය හෝ එහි විශාලත්වය පිළිබඳව වෙනත් මූලාශ‍්‍රයක් විසින් මෙතෙක් තහවුරු කර නොමැත.

තෙල් සහ ගෑස් ආයෝජන සමාගමේ ප‍්‍රධාන විධායක ස්ටීවන් සැන්ඩර්සන් පවසා ඇත්තේ පසුගිය වසර 30 තුළ සොයාගත් විශාලතම තෙල් නිධිය මෙය වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවයි.  ජා

තික වැදගත්කමකින් යුතු මෙම සොයාගැනීම ලෝක මට්ටමේ විභවයක් සහිත සම්පතක් මෙන්ම සැලකිය යුතු දෛනික ඛනිජ තෙල් නිපැයුමක් සිදුකළ හැකි තෙල් බිමක්ද වනු ඇති බව ඔහු පවසා තිබේ.

ඇමරිකාව පදනම් කරගනිමින් ක‍්‍රියාත්මක වන අදාළ සමාගම පවසා ඇත්තේ මුළු තෙල් නිධියෙන් ගොඩගත හැකිවනු ඇත්තේ 5-15% ප‍්‍රමාණයක් පමණක් වනු ඇති බවයි.

මෙමගින් 2030 වන විට බි‍්‍රතාන්‍යයේ ඛනිජ තෙල් අවශ්‍යතාවයෙන් 10-30% අතර ප‍්‍රමාණයක් සැපිරිමට වීල්ඞ් ද්‍රෝණි ප‍්‍රදේශයට හැකිවනු ඇති බවද සැන්ඩර්සන් පවසා ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p