යහ පාලනය දෙනවා කියපු ප්‍රජාතන්ත්‍රවාදයකෝ ?

February 19, 2015

නව රජය විසින් යහ පාලනයක් ඈති කර සියලු පුරවෑසියන්ට ප්‍රාජාතන්ත්‍රවාදී ලෙස ජීවත් වීමට ඉඩ ලබාදෙන බව පවසා සිටියත් එය එසේ නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි.අද 19 දින කොළඹදී පෑවති මාධ්‍ය හමුව අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ශයේ දේශපාලන මණඩල සභික චමීර කොස්වත්ත මහතා මේ බව පෑවසීය.මෙම මාධ්‍ය හමුව සදහා පෙරටුගාමී සමාජවාදී පක්ශයේ පුබුදු ජයගොඩ මහතා සහ දුමින්ද නාගමුව මහතාද සහභාගීවිය.

වෑඩි දුරටත් අදහස් දක්වමින් චමීර කොස්වත්ත මහතා

යහ පාලනය දෙනවා කියපු ප්‍රජාතන්ත්‍රවාදය කෝ? අපිට මෙහෙම අහන්න කරුණු ගනනාවක් තියනවා.නමුත් අපි කෑමතියි අපි මුහුන දීලා තියෙන ප්‍රශ්ණ්ය ගෑන කියන්න.කුමාර ගුණරත්නම් සහෝදරයා මුහුණ දීලා තියෙන ප්‍රශ්ණයෙන් මේ සාකච්චාවට අවතීර්ණ වෙන්න.කුමාර ගුණරත්නම්ට මේ රටේ දේශපාලනය කරන්න ඉඩදෙන්නේ නෑ ,ඒක දේශපාලන ප්‍රශ්ණයක් නිසා කියලා අපි කියපුවහම බෝහෝ දෙනා අපිට කිව්වා ඈයි නීතිය ඉස්සරහට යන්න බෑරි ?ඈයි පුරවෑසිකම ඉල්ලන්න බෑරි කියලා. අනියමින් ආණ්ඩුව මේ ප්‍රශ්ණය ගෑන ප්‍රතිචාර දෑක්වුවේත් මේක නීතිය ඉදිරියේ විසදෙන්න ඕන ප්‍රශ්ණයක් කියලා.ඒ නිසා අපිට කරන්න දෙයක් නෑ ,අපි අදාල නෑ වගේ තමයි ආණ්ඩුව හිටියේ.ඒ නිසා අපි මේ ප්‍රශ්ණය නීතිය ඉදිරියට ගෙනිච්චා.

නීතිය ඉදිරියේ අපිට ලෑබුන විසදුම තමයි මේ ප්‍රශ්ණ්ය සදහා නීතියෙන් විසදුම් ලබා දිය නොකෑකි බවයි.මේ සදහා විසදුම් ලබා  දීම අදාළ අමාත්යවරයා විසින් සිදු කල යුතු බවයි.අපි මේ ගෑන මුල ඉදන්ම කිව්වා. මේක දේශපාලන ප්‍රශ්ණයක් කියලා. මේ ප්‍රෂ්ණයට විසදුම් ලබාදීම ආණ්ඩුව මුල සිටම පෑහෑර හරිනවා.

ආණ්ඩුව තමන්ගේ හිතවතෙක් වෙච්ච අර්ජුන් මහෙන්ද්‍රන්ට පුරවෑසිකම පිරිනමනවා. බොහොම වගකීමෙන් කියන්නේ මේ ගෑන. උදේ 10.00 දාපු අයදුම්පතට හවස 03.00 වෙද්දී පුරවෑසිකම ලෑබෙනවා.ඉතින් මහින්ද රාජපක්ශගේ පාලනයයි මේ පාලනයයි අතරේ වෙනසක් නෑනේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p