ඉන්දීය සංචාරය නිමවා ජනපති යළි මවුබිමට

February 19, 2015

ඉන්දු -ලංකා ද්විපාර්ශ්වික සබඳතාවන් තව දුරටත් තීව්‍ර කරමින් සාර්ථක ප්‍රථම විදේශ සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පළින් ඊයේ (18) උදෑසන මෙරටට පැමිණීයේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL166 සාමාන්‍ය මගී යානයකින් සිව් දින නිල සංචාරය නිමවා පැමිණි ජනාධපතිවරයා පිළිගැනීමට වරාය හා ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා ඇතුළු රජයේ නිලධාරීන්ද එක් වී සිටියහ.

ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා අතර සිවිල් න්‍යෂ්ඨික බලශක්ති සහයෝගිතාව, බලශක්ති සහයෝගිතාව, දෙරටේ සංස්කෘතික සහයෝගිතාවය වර්ධනය කැර ගැනීම ,කෘෂිකාර්මික සබඳතා ශක්තිමත් කිරීම නාලන්දා විශ්ව විද්‍යාලය ඉදිකිරීමට ඉවහල්වන නව ගිවිසුම් හතරකට අස්සන්තැබීමට ලැබීම ඉන්දීයානු සංචාරය මල් ඵල ගැන් වීමකි.

ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ප්‍රථම විදේශ සංචාරයට එක්වන

ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස මහත් උත්සවත්ශ්‍රීයෙන් පිළිගැනීමට නවදිල්ලි ගුවන් තොටුපළේ අභිමානවත් උත්සවයක් ඉන්දීය රජය සූදානම් කැර තිබුණි.ජනාධිපතිවරයා පැමිණි මඟ දෙපස දෙරටේ දැවැන්ත ධජ පතාක වලින් විචිත්‍රවත් කර තිබුණි.

ඉන්දීය නරේන්ද්‍ර මෝදි මහතා මෙන් ග්‍රාමීය ප්‍රදේශයකින් බිහිවූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පිළිගැනීමට ‍සූදානම් කළ උත්සවය විශේෂත්වයක් ගත්තේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනී‍මේ උත්සවයක් ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවන්හි දී පැවැති අතර ජනාධිපති නිල නිවසට අග්‍රාමාත්‍ය ‍නරේන්ද්‍ර මෝදි මහතා පැමිණි සිටීම විශේෂත්වයකි.

රාෂ්ට්‍රපතිභවන් වෙත ගිය ජනාධිපතිවරයා ප්‍රධාන දූත පිරිස ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා මෙන්ම අගමැති නරේන්ද්‍ර මෝදි මහත්වරු විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත්හ‍.අ ශ්වාරෝහකයන් පෙරටු කරගනිමින් නිල සංචාරය ඇරඹි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රධාන දූත පිරිස මහත් අභිමානවත් හා ගාම්භිර අයුරින් පිළිගැනුණි.

ඉන්දීය රජය හමුදා උත්තමාචාර මෙන්ම ආචාර ‍වෙඩිමුර සහිතව ඉතා ගාම්භීර අයුරින් මේ පිළිගැනීම සිදු කළේය .ජනාධිපති ඉන්දීය ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපති අතර සුහද හමුවක්ද පැවතිණි.

හයිද්‍රාබාද් නිවෙස වෙත ගිය ජනාධිපතිවරයා ජනපති බිරිය ජයන්ති සිරිසේන මහත්මිය ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා විසින් මහත් හරසරින් පිළි ගත්හ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දීයාව තෝරා ගැනීම පිළීබඳ සිය ප්‍රසාදය පිරිනැමූ මෝදි අගමැතිවරයා ලබන මාර්තු මස ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වන බව නිල වශයෙන් දැනුම් දුන්නේය.

ඉන්දියාවේ සිව් දින නිල සංචාරයක් නිරත වන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස වෙනුවෙන් ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා විසින් රාෂ්ට්‍රපති භවන්හිදී අනර්ඝ රාත්‍රි භෝජන සංග්‍රහයක් සූදානම් කැර තිබුණි‍.

භාරත නිදහස් අරගලයට උරදුන් මහත්මා ගාන්ධි මහතාගේ යුග මෙහෙවර සිහිපත් කළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා නවදිල්ලියේ රාජ්ගාඩ්හි පිහිටි ගාන්ධි පිළිරුවට පුෂ්පෝපහාර දැක්විය. අනතුරුව නිල සමරු සටහනක්ද තැබීමට අමතක නොකළ ජනාධිපතිවරයා ඉන්දීය ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති කපිල වස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා වැද පුදා ගැනීමටද එක් විය. මීට අමතරව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය, හිටපු අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා හමු වී සාකච්ඡා කළහ.

බුද්ධගයාව වෙත පැමිණී ජනාධිපතිතුමා ප්‍රධාන දූත පිරිස බුද්ධගයා දිස්ත්‍රික් කොමසාරිස් ආර්.කේ කුණ්ඩවාල් මහතා ඇතුළු නිලධාරීන් විසින් මහත් හරසරින් පිළිගත්හ. බුද්ධගයා විහාරය සහ මහාබෝධි විහාරය වැඳ පුදා ගැනීමට ගැනීමෙන් අනතුරුව තිරුපති දේවස්ථානයේ විශේෂ ආගමික වතාවත්වලටද එක් වූහ . දහසය දෙනෙකුගෙන් සමන්විත ජනාධිපතිවරයා ප්‍රධාන මෙම පිරිස මගී ගුවන් යානයකින් මෙරට බලා පැමිණියහ‍.

විදේශ ඇමැති මංගල සමරවීර ,එම අමාත්‍යාංයේ ලේකම් චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය,විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක ,සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න,නැවත පදිංචිකිරීමේ සහ හින්දු කටයුතු ඇමැති එස්. ස්වාමිනාදන් උතුරු මැද ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු ,ජනාධිපති ලේකම් පී.බී අ‍බේකෝන් යන මහත්වරු ඇතුළු නිලධාරිහු 16ක පිරිසක් ඊට එක්වී සිටියහ.

 

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p