උතුරු යෝජනාව හෙළා දකින බස්නාහිර යෝජනාව ඒකමතිකව සම්මතයි…

February 19, 2015

උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයින් සමූල ඝාතනය වූ බවටත්, උතුරට වෙනම ස්වයං පාලනයක් අවශ්‍ය බවටත් පසුගියදා උතුරු පළාත් සභාව විසින් සම්මත කරගත් යෝජනාව දැඩි ලෙස හෙළා දකින බවත්, එවැනි යෝජනාවක් සම්මත කිරීම පිළිබදව අප‍්‍රසාදය පල කරන බවටත්, වු යෝජනාව ඊයේ පැවැති බස්නාහිර පළාත් සභා රැස්වීමේදී ඒකමතිකව සම්මත කෙරිණ.

යෝජනාව ඉදිරිපත් කළේ බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක නීතිඥ සිසිර ජයකොඩි මහතාය. ආණ්ඩු පක්‍ෂයේ පළාත් සභා මන්තී‍්‍ර මෙරිල් පෙරේරා මහතා එය ස්ථීර කළේය. ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර‍්‍රවරුන් මෙහිදී කියා සිටියේ ඊට තමන්ද එකග බැවින් විවාදයක් අවශ්‍ය නොවන බවයි.

ඊට පිළිතුරු දුන් සභාපති සුනිල් විජේරත්න මහතා ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරුන්ගේ අදහස් පල කිරීමට අවස්ථාව ලබා දීමට තීරණය කළ බව පැවසීය. මේ නිසා සභාව උණුසුම් විය. අනතුරුව උදය ගම්මන්පිල, රොස් ප‍්‍රනාන්දු, ලක්ෂ්මන් නිපුණආරච්චි, නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ, ජගත් අංගගේ යන මහත්වරුන් අදහස් පල කළහ.

පිළිතුරු කතාව කරමින් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ විපක්‍ෂය දේශපාලන කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රට මුදා ගත් නිසා බවයි.

ජනාධිපති මහිින්ද රාජපක්‍ෂ මහතා පරාජය පරාජය කිරීම සදහා සියලූ අන්තවාදී කණ්ඩායම් එක් පෙරමුණකට පැමිණි බවත් ඔවුන්ගේ එකම අපේක්‍ෂාව වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීම බවත් රණතුංග මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරණ කාලසීමාවේදී තමන් ඇතුලූ කණ්ඩායම මේ තත්වය ඇති වන බව පැහැදිලි කළ බවත් අද එය යතාර්තයක් වී ඇති බවත් පෙන්වා දුන් මහ ඇමතිවරයා උතුරු නැගෙනහිර අන්තවාදී දෙමළ කණ්ඩායම් මෙන්ම, දෙමළ ඩයස් පෝරාවද මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහි වන්නේ ඔහු යුද්ධය සිදු කර අන්තවාදයෙන් රට මුදා ගත් නිසා බව රණතුංග මහතා තවදුටත් පැවසීය

මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා ජයග‍්‍රහණය කිරීමෙන් පසු ජාතික සංහි`දියාවක් ඇති වෙතැයි අපේක්‍ෂා කළද ඒ පිළිබදව මේ වන විට සැක සංකා මතුව ඇතැයි පේනවා දුන් රණතුංග මහතා මේ රට නැවත අනතුරේ හෙලීමට කිසිවෙකුට ඉඩදිය නොහැකි බවද කීවේය.

මේ පිළිබදව කතා කරන විට ජාතිවාදී චෝදනා නගමින් එය හෑල්ලූවට ලක් කිරීමට ඇතැම් අන්තවාදීන් චෝදනා කළද රටට අත් කළ මේ තත්වය පිළිබද චෝදනාවෙන් මීදීමට එක්සත් ජාතික පක්‍ෂය  ප‍්‍රමුඛ වර්තමාන ආණ්ඩුවට නොහැකි බවද රණතුංග මහතා කීවේය.

එක්සත් ජාතික පක්‍ෂ හා දෙමළ ජාතික සංධානය අතර රහස් ගිවිසුමක් ඇති දැයි නොදන්නා නමුත් මේ කි‍්‍රයාත්මක වන්නේ ජනාධිපතිවරණයේදී කරලියට පැමිණි යූ.ඇන්.පී සහ ටී.එන්.ඒ එකේ නායකයන් දැයි සැක මතු වන බවද රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

Sammy

Previous story Next story

Leave a comment

t

o

p