මූල්‍ය අරමුදලෙන් යුක්රේනයට ඩොලර් බිලියන 17.5ක සහන පැකේජයක්

February 19, 2015

යුක්රේනයට තවත් ඩොලර් බිලියන 17.5ක සහන පැකේජයක් ලබාදීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

මෙය වසර 4ක වැඩසටහනක් ලෙස ක‍්‍රියාවට නැංවෙනු ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකරණ අධ්‍යක්‍ෂක ක‍්‍රිස්ටීන් ලාගාර්දේ විසින් මේ මස අවසානයේදී සෙසු සාමාජිකයින් වෙත යෝජනාවක් ඉදිරිපත් කරනු ඇතැයි පැවසේ.

ඇය පවසා ඇත්තේ යුක්රේනයේ ආර්ථික ස්ථාවරත්වය, මධ්‍යකාලීන ආර්ථීක සංවර්ධනය හා යුක්රේන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙලේ ප‍්‍රධාන ඉලක්ක වන බවයි.

මේ සහන පැකේජය වෙනුවෙන් යුක්රේනයට පුළුල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ රැසක් ක‍්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි පැවසේ.

රාජ්‍ය ගෑස් හා ඛනිජ තෙල් සමාගම වන නෆ්ටොගෑස් ප‍්‍රතිව්‍යූහගත කිරීමද ඒ තුළ වන බව වාර්තා වේ.  මෙම ප‍්‍රතිසංස්කරණ අනතුරුදායක විය හැකි වුවද ඒවා යුක්රේන බලධාරීන්ට ඉටු කළ හැකි බව සිතෙන බව ලාගාර්දේ පවසා තිබේ.

රුසියාවෙන් ලබාගන්නා මුදල් මේ සහන පැකේජය තුළ අන්තර්ගතද යන්න පිළිබඳව නැගූ පැණයකට පිළිතුරු දී නොමැති ඇය සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා යුරෝපා සංගමයේ අරමුදල් සහ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ණය මුදල් මේ තුළ අඩංගු වනු ඇති බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p