කුමාර් ගුණරත්නම් පිටුවහල් කිරීමට අවසර ලෑබෙයි

February 18, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කිරීම වළක්වන්නැයි ඉල්ලා එම පක්ෂය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද 18 යළි සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභා කර තිබෙනවා.

අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියසාද් ඩෙප් හා ඊවා වනසුන්දර යන විනිසුරුවන් හමුවේ පෙත්සම විභාගයට ගත් බවත්, එහිදී මෙම නියෝගය ලබා දී තිබෙනවා.කුමාර් ගුණරත්නම්ගේ නීතිඥවරයා වන නුවන් බෝපගේ මගින් ගොනු කර ඇති පෙත්සමෙන් සඳහන් කර තිබුණේ ඔහු ශ්‍රී ලංකාවේ ඉපිද සෑහෙන කලක්‌ මව්පියන් සෙවණේ හැදී වැඩී පාසල් අධ්‍යාපන ලැබූ අයෙකු බවයි.
ජනතා විමුක්‌ති පෙරමුණේ ඇතිවූ අභ්‍යන්තර අර්බුද නිසා සහ තවත් හේතූන් මත ජීවිතයට හානියක්‌ වේයෑයි බියෙන් හෙතෙම ඕස්‌ට්‍රේලියාවට ගිය බවත්, එහිදී නොයෙල් මුදලිගේ යන නමින් පුරවැසිභාවය ලබාගත් බවත්, එමගින් දක්වා තිබුණි.
එසේම තමා එසේ කළේ ඕස්‌ට්‍රේලියාවේ පුරවැසිභාවය ලැබූ වහාම ශ්‍රී ලංකාවේ පුරවැසිකම තමන්ට ඉබේම අහිමි වන බව නොදැන බවත්, කෙසේ වුවද එරට පුරවැසිකම අත්හැර ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගෙන දිගටම පදිංචිව සිටීම තමාගේ අපේක්‍ෂාව බවත්, එතෙක්‌ තමා රටින් පිටුවහල් කිරීම වළක්‌වන ලෙස ඉල්ලා සිටින බවත්, පෙත්සමෙන් සඳහන් කර තිබිණ.තවද තමා ශ්‍රී ලංකාවේ උප්පත්තිය ලැබූ අයෙකු නිසා කවර හේතුවක්‌ උඩ හෝ තම මව්බිමට, තමාට ඇති අයිතිය කිසිවකුට අහිමි කළ නොහැකි බවද, එසේ කිරීම නීතියට සහ සාධාරණ යුක්‌තියේ මූලධර්මවලට පටහැනි බවද, කුමාර්ගේ පාර්ශවයෙන් අවධාරණය කර තිබුණි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p