රණ විරු උපහාර විජයග්‍රාහී සැමරුම් උළෙල මෙවර ගාල්ලේ දී

February 15, 2015

රණ විරු උපහාර විජයග්‍රාහී සැමරුම් උළෙල ලබන මැයි 18 වෙනි දින ගාලු නගරයේදී පැවැත්වීමට නියමිතය.
තිස් වසරක් පුරා මෙරට පැවති එල්.ටී.ටී.ඊ. යුද්ධයෙන් පසුව 2009 මැයි 18 දින ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් මුදවා ගැණිනි. යුද ජයග්‍රණය වෙනුවෙන් දායකත්වය සැපයූ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය අගය කිරීමට හා තිස් වසරක අධික යුද්ධයේ දී දිවිපිදූ සන්නද්ධ සේවාවන් හි සියලු ම සාමාජිකයන් ද පොලිසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් ද අනුස්මරණය කිරීම වෙනුවෙන් මේ විජයග්‍රාහී පෙළපාළිය පැවැත්වේ.
2009 යුද ජයග්‍රහණයෙන් පසු ව වාර්ෂිකව මේ උත්සවය පවත්වනු ඇත. නව රජය බලයට පත්වීමෙන් පසු මෙවර උත්සවය පවත්වන්නේ පළමු වතාවටයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p