මැතිවරණ කොමිෂමෙන් සතුටුදායක ආරංචියක්

October 4, 2024

ජනාධිපතිවරණ කාලසීමාවේ තාවකාලිකව අත්හිටුවා තිබූ සියලු කාර්යයන් යලි ආරම්භ කිරීමට අනුමැතිය ලබා දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අනුව පොහොර හා ධීවර සහනාධාර මෙන්ම වැඩිකළ විශ්‍රාම වැටුප ද ගෙවිය හැකි බවයි එම කොමිසම නිවේදනය කරයි.

පසුගිය ජනාධිපතිවරණ කාලසීමාවේදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන අයුරින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ වැඩසටහන් කිහිපයක් මැතිවරණ කොමිසම මගින් අත්හිටුවනු ලැබුවා.

ජනාධිපතිවරණය අවසන් වී ඇති බැවින් එම කාර්යායන් ක්‍රියාත්මක කිරීමට යළි අනුමැතිය අවශ්‍ය නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මහකන්නයේ වගා කටයුතු සඳහා පොහොර ලබා දිය හැකියි.

ධීවර සහනාධාරය මෙන්ම වැඩිකළ විශ්‍රාම වැටුප් දීමනාව සැප්තැම්බර් හිග මුදල ද සමඟ ඔක්තෝබර් මාසයට ලබාදිය හැකි වෙයි.

කෙසේ වෙතත් රාජ්‍ය දේපල අනිසි භාවිතය වැලැක්විය යුතුයි.

එසේම රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා බඳවාගැනීම් උසස් කිරීම් මාරු කිරීම් සීමා කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි මැතිවරණ කොමිසම තවදුරටත් සඳහන් කරයි.

t

o

p