‘මලෛයග දමිළ ජනයාගේ මුල් බැසගත් ඉතිහාසය’ ප්‍රදර්ශනය මාතර දී: ඔක්තෝබර් 4, 5 සහ 6

October 3, 2024

ඓතිහාසික සංවාදය සහ මතකය සඳහා වූ එකමුතුව (Collective for Historical Dialogue & Memory) විසින් සංවිධානය කරනු ලබන ‘මලෛයග දමිළ ජනයාගේ (කඳුකර දමිළ ජනයාගේ) මුල් බැසගත් ඉතිහාසය’ පිළිබඳ ප්‍රදර්ශනය හෙට (ඔක්තෝබර් 04) සිට ඔක්තෝබර් 06 වැනිදා දක්වා මාතර පැරණි මහාධිකරණ ගොඩනැගිල්ලේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ඔබට පෙ. ව. 9.00 සිට ප. ව. 6.00 දක්වා නොමිලේ සහභාගී විය හැකිය.

ප්‍රදර්ශනයට සමගාමීව ඔක්තෝබර් 05 වැනිදා පෙ. ව 10.00 ට ‘දකුණු පළාතේ වතු ප්‍රජාවේ විශේෂ ලක්ෂණ සහ නොවිසඳුණු ගැටළු’ පිළිබඳ විවෘත සංවාද මණ්ඩපයක් ද පැවැත්වීමට නියමිතයි.

t

o

p