ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති රමාල් සිරිවර්ධන

October 3, 2024

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස එම මණ්ඩලයේම හිටපු සභාපතිවරයෙකු වූ රමාල් සිරිවර්ධන පත් කර තිබේ.

ඔහු ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස මීට පෙර අවස්ථා දෙකකදී කටයුතු කර ඇති අතර, ඔහුව නැවතත් එහි සභාපතිවරයා ලෙස විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා පත් කරනු ලැබුවා.

ඒ අනුව, ඔහුගේ පත්කිරීමේ ලිපිය අමාත්‍යවරයා විසින් ඊයේ (02) රමාල් සිරිවර්ධන මහතා හට ලබාදී තිබේ. රමාල් සිරිවර්ධන මහතා ශ්‍රීමනී ඇතුලත්මුදලි මහත්මිය ප්‍රවාහන ඇමැතිනිය ලෙස සිටියදී පළමුවරට ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කෙරුණි.

2001 වසර දක්වා ලංගම සභාපතිවරයා ලෙස සේවයේ නිරතව සිටි රමාල් සිරිවර්ධන මහතා 2006 හා 2007 යන වසරවලදී ලංගම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කරනලදි.

අනතුරුව මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී 2006 වසරේ සිට 2007 වසර දක්වාත් යහපාලන රජය පැවති සමයේ 2015 සිට 2019 දක්වාත් ඔහු ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසට කටයතු කරනලදි.

t

o

p