ලෝක අමද්‍යප දිනය අදයි

October 3, 2024

ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබේ.

එම දිනයට සමගාමීව ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව විසින් සෑම වසරකම ඔක්තෝබර් මස 03 වැනිදා සිට 10 වැනිදා දක්වා කොඩි සතියක් සංවිධානය කරනු ලබයි.

එම කොඩි සතිය මෙවර ද පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එම කොඩි සතියේ සමාරම්භක උත්සවය කොට්ටාව රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක විහාරස්ථානයේදී අද (03) පස්වරු 4.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ සභාපති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර මධ්‍යසාර හේතුවෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් ආකාලයේ මරණයට පත්වන බවට අනාවරණ වී තිබේ.

අදට (03) යෙදෙන අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනුම් දී තිබේ.

අද සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සඳහා විවෘතව තැබෙන බවද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

t

o

p